STF-arrested-Gajamuthu-who-was-brought-to-sell-for-60-lakh

රුපි­යල් ලක්ෂ 60ක මුද­ල­කට අලෙවි කිරීම සඳහා සූදා­නම් වූ ගජ­මුතු දෙකක් නාවික හමුදා බුද්ධි තොර­තු­ර­කට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ පුත්ත­ලම කඳ­වුරු නිල­ධා­රීන් විසින් ඊයේ (24) අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.





මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බුත්තල බඩ­ල්කු­ඹුර ප්‍රදේ­ශයේ පදිංචි 29 හැවි­රිදි ජංගම දුර­ක­තන අලු­ත්වැ­ඩියා කිරීමේ ස්ථාන­යක් පව­ත්වා­ගෙන යන සැක­ක­රු­වෙකු බව පුත්ත­ලම කඳ­වුරු නිල­ධා­රීන් පව­සයි.

නාවික හමුදා බුද්ධි තොර­තු­රක් මත පොලිස් විශේෂ කාර්ය බළ­කායේ උපාය දූත­යින් යොද­ව­මින් මෙම ගජ­මුතු දෙක පුත්ත­ල­මට රැගෙන විත් එහි දී මිලදී ගැනීමේ යෙදී ඉන් පසුව සැක­කරු හා ගජ­මුතු දෙක අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

පොලිස් විශේෂ කාර්ය බළකා උපාය දූත­යින් යොද­ව­මින් අදාළ සැක­ක­රුට කිසිදු ලෙස­කින් සැක නොසි­තන අයු­රින් මෙම අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව තිබුණි.



අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු පවසා ඇත්තේ මෙම ගජ­මුතු දෙක තම පියා විසින් ආර­ක්ෂි­තව තබා තිබූ බවයි.

කෙසේ නමුත් අදාළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගැනුණ සැක­කරු ඉදිරි විම­ර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් පුත්ත­ලම මූල­ස්ථාන පොලි­සි­යට භාර දීමට කට­යුතු කර ඇත.
(හිරාන් ප්‍රියං­කර ජය­සිංහ)