No-support-for-Ranil-a-separate-candidate-for-the-presidential-election

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු
ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

පොදුජන
පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ
කර තිබුණේ පැමිණ සිටි සාමාජිකයන්ගෙන් 11 දෙනෙකු පමණි.තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සඳහා
සහාය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සඳහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.

අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.

ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම්
බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාවට එක්වූ ගාමිණී ලොකුගේ මහතා රැස්වීමෙන් පිටව යද්දී මාධ්‍ය අමතා මෙසේ කීය.



"රනිල් ඕන කිව්වෙ 11 දෙනයි. හැමෝටම කතාකරන්න දීලා සංවාදයක් ගියා. එහෙමයි තීන්දුව ගත්තෙ. ලබන සතියෙ අපේක්ෂකයා කවුද කියන එක තීන්දුව දෙනවා.
බැසිල් රනිල් සාකච්ඡා ඉවරයි. අපට එවපු ලියුමට දැන් උත්තරයක්  දීලත් වැඩක් නැහැ.
සමහරු තරහින් වගේ යන්න ඇති හැමෝටම තීරණය සඳහා අවස්ථාවක් දුන්නා . ඒ නිසා තරහ ගන්න කාරනා නැහැ.
මහින්ද වචනයක් වත් කතා කරේ නැහැ. බැසිල් තමා කතා කරේ. එයාගෙ තිබුනෙ රනිල් එක්ක යන්න බැහැ කියලා.
රනිල්ට අපේ කට්ටියක් ගියා කියල කියනවා.
ලබන සුමානෙ ඡන්දෙ පටන්ගත්තාම බලාගන්න පුළුවන් කවුද අපි එක්ක ඉන්නෙ රනිල් එක්ක ඉන්නෙ කියලා"