An-award-from-India-to-Mathisha-Pathirana-as-the-most-popular-sports-star

ජනප්‍රියම ක්‍රීඩා අයිකනය සඳහා ඉන්දියාවේදී පිරිනමන Behindwoods Gold Icon සම්මානය ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලබාදී ඇත.

පන්දු යැවීමේ දක්ෂතා නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින ඔහු ඉන්දියාවේ විශාලතම සම්මාන උළෙල වලින් එකක් වන Behindwoods Gold Icon 2024 හි මෙකී සම්මානය දිනා ගත්තේය.

“වඩාත් ජනප්‍රිය අයිකනය සඳහා BEHINDWOODS GOLD ICON සම්මානය පිරිනැමීමට ලැබීම සතුටට කරුණකි – Sports to Our Baby Slinga,” Behindwoods 'X' හි සටහනක් මගින් නිවේදනය කළේය.

මතීෂ පතිරණ ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත නිර්මාපකයෙකු වන අනිරුද් රවිචන්දර් සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටියේය.