Remand-prisoners-should-have-the-right-to-vote

මැතිවරණයේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන ආකාරයේ සුදුසු මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරිමට මැතිවරණ කොමිසමට නියම කරන්නැයි ඉල්ලමින් ඊමාන්ඩ් සිරකරුවකුව සිටි සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ (17දා) ගොනු කළේය.






පුද්ගලයකු අධිකරණයෙන් වරදකරුවෙකු වනතුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වශයෙන් සලකන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු අයිතිවාසිකම් ඔහුට හිමිවන බවත්, සියලු සිරකරුවන් මනුෂ්‍යයන් වන හෙයින් ඔවුන්ට උපරිම සහන  දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව ප්‍රඥප්තියේ පැහැදිලිව සඳහන් වුවත් මැතිවරණයකදී ඡන්දය දීමට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට අවස්ථාව නොලැබීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකාම් කඩවන බවත් පෙත්සම්කරු අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත. සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර ඇත.

පුද්ගලයකු අධිකරණයෙන් වරදකරුවෙකු වනතුරු ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු වශයෙන් සලකන බවත්, ඒ අනුව ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු මූලික අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන බවත්,

සඳහන් කරන පෙත්සම්කරු සිරකරුවන් මනුෂ්‍යයන් වශයෙන් සලකන ලෙසද ඔවුන්ට උපරිම සහන ලබාදෙන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව ප්‍රඥප්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවද සඳහන් කර තිබේ.


තමන් කලක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි බවත්, ඒ කාලයේ පැවැති මැතිවරණ ගණනාවකදී තමන්ට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ බවත් එමඟින් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරන පෙත්සම්කරු රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොලැබීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවද පෙන්වා දී ඇත. මේ තත්ත්වය යටතේ මෙම් වන විට රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන්ට ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන සුදුසු මාර්ග උපදේශන මාලාවක් සකස් කිරීමට මැතිවරණ කොමිසමට නියම කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.

බුද්ධිමාල් රුබේරු