The-vehicle-driven-by-an-elderly-person-crashed-into-a-bus-stop-killing-9-people-in-South-Korea

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී මෝටර් රථයක් මිනිසුන් සමූහයක් වෙතට කඩා වැදී අවම වශයෙන් නව දෙනෙකු මිය ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
රථවාහන අනතුර දේශීය වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ සිදුවී ඇත.

Yonhap ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරන ලද පරිදි, වයස 68 ක  පුද්ගලයෙකු වේගයෙන්  පදවා ආ වාහනය රථවාහන නැවතුමක රැඳී සිටි පදිකයින් පිරිසක් වෙත එක්වරම කඩාවැදී ඇත.


ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, මෝටර් රථය වැරදි දිශාවකින් ධාවනය කර ඇති අතර එය පදිකයින් වෙත කඩාවැදීමට පෙර තවත් වාහන දෙකකද ගැටී ඇත.

පුද්ගලයින් 6 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් තිදෙනෙකු තුවාල ලබා පසුව මිය ගියේය.
සිද්ධියෙන්  සමස්තය 9 ක් මියගිය අතර අවම වශයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසන නමුත් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි.
පොලීසිය පැවසුවේ, සෝල් නගර ශාලාව අසල මංසන්ධියක දී අනතුර සිදුව ඇති බව ය. එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් අදාළ රියදුරු පොලිසියට පවසා ඇත්තේ ඇත්‍සලේටරය පෑගී මෝටර් රථය හදිසියේ වේගවත් වූ බවයි.