/eurosport-drop-olympics-commentator-bob-ballard

මෙවර පැරිස් ඔලිම්පික් 2024 තරගාවලිය අතරතුර කාන්තාවන්ට නොගැළපෙන ආකාරයේ අසභ්‍ය කතා කියමින් වචන හැසිරවූ නිවේදකයෙකු නෙරපා හැරීමට එම සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
සෙනසුරාදා සවස ඔස්ට්‍රේලියාවේ කාන්තා පිහිනුම් ක්‍රීඩිකාවන් 4x100 නිදහස් ආර තරගය ජයග්‍රහණය කළ අතර ඔවුන් එම ජයග්‍රහණය සිදුකර එළියට එන දර්ශන රූපවාහිනියේ පෙන්වද්දී ඔලිම්පික් විකාශනයන් සිදුකළ යුරෝස්පෝර්ට් නාලිකාව හරහා ‍මෙම නිවේදකයා නොමනා වචන භාවිතයෙන් ඔවුන් ගැන විස්තරයක් සිදුකර තිබේ.


 රන් පදක්කම දිනා ගත් කණ්ඩායම ගැන අභිමානයෙන් වචන හැසිරවියයුතු වෙලාවේ බොබ් බලාර්ඩ් නමැති නිවේදකයා පවසා ඇත්තේ “හොඳයි, කාන්තාවන් දැන් ඉවරයි....ඔබ දන්නවා කාන්තාවන් මොන වගේද කියලා ... වටේ එල්ලිලා යනවා, ඔවුන්ගේ රඟපානව මේකප් දාගෙන  දඟලනවා."
 සමාජ මාධ්‍යවල ජනප්‍රිය වූ මෙම ක්ලිප් එක බොහෝ අයගේ අප්‍රසාදයට හේතුවිය.
ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි  විස්තර විචාරක ලැයිස්තුවෙන් ඉවත් කරන්නට එය බලපෑවේය.
ඔස්ට්‍රේලියාව මිනිත්තු 3 තත්පර 28.92 ක කාලයක් වාර්තා කරමින් පිට පිට සිවුවැනිවරටත් මෙකී  රන් පදක්කම දිනා ගත් අතර එය අගය කළ යුතු අවස්ථාවේ ප්‍රවීණ නිවේදකයෙකු ලෙස කටයුතු කළ බොබ් බලාර්ඩ් හැසිරුණ ආකාරයේ එරට මාධ්‍ය තුළද දෝෂ දර්ශනයට ලක්ව තිබේ.