boc-changes

1938 අංක 53 දරන ලංකා බැංකු ආඥා පනත යටතේ ස්ථාපිත කර ඇති ලංකා බැංකුව  ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ තුළ කටයුතු කරනු ලබන ප්‍රමුඛතම ආයතනයක් වන අතර, රාජ්‍ය හිමිකාරිත්වයක් සහිත වාණිජ බැංකුවක් ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙන බව රජය පවසයි.



තරඟකාරී සහ වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වෙමින්, ප්‍රශස්ථ ප්‍රතිලාභ උපයා ගැනීම සීමා කරනු ලබන අවහිරතා සහ අභියෝග ගණනාවක් දැනට බලාත්මක එකී ආඥාපනතේ  පවතින බව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව ලංකා බැංකු ආඥාපනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.