cd-lenawa-ranil

 ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලැයිස්තුවේ සිටි ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලේනව මෙම පෙත්සම ගෙනඒම ආන්දෝලනයක් ඇති කර තිබුණි.
එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියම කර තිබෙයි.



අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙයි.

ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුනේ ජනපතිගේ කීමට බවට විවේචන පැවතිණි.