champika-ranawaka-rajapaksa

 වර්තමානයේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොව, කඩිනමින් ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ‛දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙළේ සාරාංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට ගම්පහ නගරයේදී එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.


"දැන් මැතිවරණ කොමිසම අතට රටේ ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ගිහින් තියෙනවා.

නමුත් ඇතැම් අය උත්සාහ කරනවා තවදුරටත් මේ තත්ත්වය ව්‍යාකූල කරන්න, අවුල් කරන්න. මැතිවරණයක් නෑ කියලා පෙන්වන විදිහේ වැඩ කටයුත්තකට යන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවේ යම් විසංවාද වගන්ති ගෙනල්ලා. මතක තියාගන්න ඕන ව්‍යවස්ථාවේ වගන්තියක් වෙනස් කරන්න තුනෙන් දෙකේ බලය අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලිභාව කීප අවස්ථාවකම ලබාදීලා තියෙනවා. මේ මෑතත් අවස්ථා දෙකකදී ලබා දීලා තියෙනවා.


මේක කාලයයි, ධනයයි නිකන් නාස්ති කිර්මක්. ඒ නිසා සැප්තැම්බර් 17 - ඔක්තෝබර් 17 ඇතුළෙ රටේ ජනතාවට, රටේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ අවස්ථාව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එය පැවැත්වීම් නැත්නම්, මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග අතට ගමන් කිර්ම වළක්වන්න බැ."


ප්‍රශ්නය - නව පනත හරහා මේ මැතිවරණය නැවත කල් දැමීමේ හෝ අවුරුද්දකට කල් දැමීමේ අවස්ථාවක් තියෙනවද?


පිළිතුර - නෑ එහෙම කිසිම අවස්ථාවක් නෑ.

ඒක පාර්ලිමේන්තුවේ අනුමත වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම ඒකට කල් යනවා. ඒ වගේම අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ අනුමත වුණාට පස්සේ ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැඳවන්න පුළුවන්. නමුත් මං හිතන්නේ දැන් මේ වෙලාවේ අවශ්‍යම රටේ ජනාධිපතිවරණය පැවැත්වීම.ඒ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා රට සූදානම් විය යුතුයි.


ප්‍රශ්නය: මේ ජනාධිපතිවරයා වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිටිය පුද්ගලයෙක් සහ බුද්ධිමතෙක් කියලා කියන්නේ. මේ කරන වැඩත් අනුව ඉදිරියේදී පොදු අපේක්ෂකයා විදිහට ආවොත් ඔබතුමාලට පුළුවන්ද සහයෝගය දෙන්න..?


පිළිතුර: නෑ, කිසිසේත්ම රාජපක්ෂවරුන්ගේ සහයෝගය ලැබෙන කිසිම අපේක්ෂකයෙකුට අපේ සහයෝගය ලැබෙන්නේ නෑ. රාජපක්ෂවරු තමයි මේ රට බංකොලොත් වීමට මේ රටේ ජනතාවගේ මේ ව්‍යයසනයට වග කියන්න ඕන්නෙ. අවුරුදු 18 ක්, 2042 වෙනකන් අපට තියෙනවා ණය ගෙවන්න. ඒ තත්ත්වය රටට උදා කළේ ඒගොල්ලෝ. ඒ වගේම ආර්ථික අපරාධ කරපු ත

ෙල් සංස්ථාව බංකොලොත් කරපු, විදුලිබල මණ්ඩලය අහේනියට යවපු, රටේ ආහාර පද්ධතිය විනාශ කරපු පොහොර තහනම් කරලා, ඖෂධ පද්ධතිය විනාශ කරලා, රටේ බෙහෙත් හේත් නැති කරලා, මිනිස්සු, කොවිඩ් කාලේ ඝ මියගියේ, මේ සියලු දෙනා වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වලා, රටට යුක්තිය ඉටු කරන්න අපි වැඩපිළිවෙල යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ අවම වැඩපිළිවෙලට එකඟතාවය පළ කරන අයත් එක්ක විතරයි අපි දේශපාලනය කරන්නේ.
දිනේෂ් සමරකෝන්