club-wasantha-death-updates

 සන්හිල් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා  හෙවත් 'ක්ලබ් වසන්ත' හෙවත් 'කැරොකි වසන්ත' අද සිදුවූ වෙඩි ප්‍රහාරයක් නිසා මියගියේය.

අද දින අතුරුගිරිය පිහිටි ටැටූ විලාසිතා සිදුකරන සාප්පුවකට (unique tatoo & peercing studio) ඔහු පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවිය.
 වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ තුවාල ලද කේ සුජීවාගේ තත්වය බරපතල නොවන බව ජාතික රෝහල පවසයි. ඇයගේ පාදවලට වෙඩි වැදී ඇති බවත් සැත්කමක් කරන්නට නියමිත බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
සන්හිල් හෝටල් 6 ක් සහ ප්‍රකට 'විනෝදාස්වාද ස්ථාන' රැසක හිමිකරුවූ ඔහු කිසියම් ව්‍යාපාරික ගැටලුවක් මත මරා දමන්නට ඇතැයි දැනට අනුමාන කෙරේ.

ඒ ගැන පරීක්ෂණ ක්‍රියාත්මකය.

මීට වසර කිහිපයකට පෙර සිය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය අවස්ථාවේ ඔහු අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“මෙතනින් ආ ගමන පහසුම එකක් වුණේ නැහැ. මට වයස අවුරුදු 17 දී මේ ව්‍යාපාරය ආරම්භ කළ මට වයස අවුරුදු 20 දී නුවරඑළියේ පළමු සන්හිල් හෝටලය ආරම්භ කරන්න පුළුවන් වුණා.

අද අපි නුවරඑළිය, පාසිකුඩා, ගල්කිස්ස, කොල්ලුපිටිය, බොල්ගොඩ, කටුනායක ආදී නවීන සුඛෝපභෝගී හෝටල් හයක් දක්වා ව්‍යාප්ත වී තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර රැසකට ද පිවිසීමට හැකි වී තිබෙනවා. අපි වසර 25 ක ගමන සමරන මේ මොහොතේ, අපගේ මෙහෙයුම් වේගයෙන් විදේශයන්හි ද ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කිරීමට මම ආඩම්බර වෙමි.
Sunhill Group මේ වන විට ඩුබායි වෙත ව්‍යාපාර ව්‍යාප්ත කරමින් සිටිනවා."
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට සිරස ගෙනා වාර්තාව පහතින්