
අතුරුගිරියේ ඔරුවල ව්‍යාපාරික ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් 'ක්ලබ් වසන්ත' මිය ගොස් ඔහු සමග සිටි කේ සුජීවා ගායිකාව ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
වෙඩි වැදුණ කේ සුජීවාගේ තත්වය බරපතල බවද වාර්තාවේ. තුවාල ලැබූ අය අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති අතර මේ වන විට කේ සුජීවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තාවේ.
වෙඩි තැබීමෙන් තුවාල වූ සිව් දෙනෙකු හෝමාගම රෝහලටත්, දෙදෙනෙකු අතුරුගිරිය රෝහලටත් ඇතුළත් කර තිබුණි.
වෙඩි තැබූ අය පළාගොස් ඇති අතර පොලිසිය ඔවුන් ගැන පරීක්ෂණ අරඹා තිබේ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට සිරස ගෙනා වාර්තාව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval