club-wasantha-update

අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිද මැණික්ගේ තත්වය සතුටුදායක නැතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසයි. නන්නාඳුනන පුද්ගලයකු හෝ පිරිසක් ඉකුත් දිනයක ඇයට මල්වඩමක් යවා ඇතැයි පැවසෙන අතර එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි දැනගන්නට ඇත.





වෙඩි ප්‍රහාරවලදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදී තිබූ අතර ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කර ඇතැයි පැවසෙයි.කළුබෝවිල රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇය මේ දක්වා සැත්කම් තුනකට භාජන කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.ක්ලබ් වසන්තගේ අවමංගල්‍යය පැවැත්වෙන දිනයේදී තම මව ඊට සහභාගී කරගැනීමට ක්ලබ් වසන්තගේ දරුවන්ගේ අපේක්ෂාව වී තිබුණ ද එය ව්‍යර්ථ විය.




ප්‍රංශයට පලා ගොස් සැඟව සිටිමින් මෙරට ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන කරන්නේ යැයි කියන පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ තිස් අට වැනි උපන්දිනය මහ මුහුදේ යාත්‍රාවක ඔහුගේ හිතවතුන් පිරිසක් සමග එක්වී සමරා ඇතැයි වාර්තාවේ.


යාත්‍රාව බැලුම්වලින් සරසා තිබූ බවත් උපන්දින කේක් ගෙඩිය යාත්‍රාවේම කථා උපන් දිනය සමරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඉතාලියේ සිටින එමිල් රොහාන් මහතා  දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඊයේ (15) පැවැසීය.එමිල් රෝහන් මහතා ඉතාලි පුවත්පතක මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කරන අයෙකි.




කංජිපානි ඉම්රාන් ගේ 38 වැනි උපන්දිනය යෙදී ඇත්තේ ද පාතාල වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ රාජපක්ෂ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ භූමදාන කටයුතු කරන දිනයේදීවීම විශේෂත්වයකි.ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට ඩුබායි රටේ සැඟව සිටින ලොකු පැටි නැමැත්තාට කොන්ත්‍රාත්තුව බාර දී ඇතැයි කියන්නේ ද කංජිපානි ඉම්රාන් බවට පොලිසිය සැක කරයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, අමිල චින්තක ගමගේ)