colombo-parking-tax

කොළඹ මහා නගර සභා බල ප්‍රදේ­ශ­යට අයත් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැඟෙ­න­හිර කොළඹ සහ බට­හිර කොළඹ යන පාර්ලි­මේන්තු කොට්ඨාස 5 තුළ රථ­වා­හන නැව­තු­ම්පො­ළ­වල් පව­ත්වා­ගෙන යෑමට කොළඹ මහා නගර සභාව විසින් අව­සර දී ඇති ආය­තන මේ වන විට රුපි­යල් කෝටි 26කට අධික බදු මුදල් ගෙවීම පැහැ­ර­හැර ඇති බව කොළඹ මහා නගර සභාවේ ඉංජි­නේරු අධ්‍යක්ෂ පී.ඒ. චන්ද්‍ර­පාල මහතා  පැව­සීය.



කොළඹ මහා නගර සභා බල ප්‍රදේ­ශය තුළ නගර සභාව විසින් අව­සර දී ඇති ආය­තන පසු­ගිය වසරේ (2023) පම­ණක් රුපි­යල් කෝටි විස්ස­කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබි­ය­දීත් 2024 වසර සඳ­හාද

එම රථ­වා­හන නැව­තු­ම්පො­ළ­වල්ම පව­ත්වා­ගෙන යෑමට එම ආය­ත­න­ව­ලට අව­සර දී ඇති බව ඒ මහතා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

මේ වන විට රථ­වා­හන නැව­තු­ම්පො­ළ­වල් පව­ත්වා­ගෙන යන ආය­තන 26ක් එලෙස මුදල් ගෙවීම පැහැ­ර­හැර ඇති බව වගු­වක ආකා­ර­යෙන් තොර­තුරු දක්ව­මින් අල්ලස් දූෂණ නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නයේ සභා­පති ජාමුණි කමන්ත තුෂාර මහ­තාට දැනුම් දී ඇති බවද පැවසේ.

කොළඹ නග­රයේ රථ­වා­හන නැව­තු­ම්පො­ළ­වල් පව­ත්වා­ගෙන යෑමට අව­සර දී ඇති ආය­තන පිළි­බ­ඳ­වන හා එම ආය­තන 2023 වසර අව­සා­නය වන විට සහ 2024 අප්‍රේල් 30 දා වන විට ගෙවීම් පැහැ­ර­හැර ඇති බදු මුදල් ප්‍රමා­ණය කොප­ම­ණද? යන්න පිළි­බ­ඳව තොර­තුරු දැන­ගැ­නීමේ පනත අනුව

කොළඹ මහා නගර සභාවේ කොම­සා­රිස් ජේ.එම්. භද්‍රානි ජය­ව­ර්ධන මහ­ත්මි­ය­ගෙන් කළ විම­සු­ම­කදී ඉංජි­නේරු අධ්‍යක්ෂ පී.ඒ. චන්ද්‍ර­පාල මහතා මේ බව දැනුම් දුනි.

කොළඹ නග­රයේ රථ­වා­හන නැව­තු­ම්පො­ළ­වල් පව­ත්වා­ගෙන යෑමට අව­සර දී ඇති ආය­තන 26 ඉකුත් වසර අව­සා­නය වන විට රු. 204,164,119ක සහ 2024 අප්‍රේල් 30 දා වන විට රු. 264,859,471ක බදු මුදල් පැහැ­ර­හැර ඇති බව සඳ­හන් කරන පී.ඒ. චන්ද්‍ර­පාල මහතා 2023 වසර අව­සා­නය වන විට බදු මුදල් ගෙවීම පැහැ­ර­හැර ඇති ආය­තන වෙනම 2024 වර්ෂය සඳ­හාද රථ­වා­හන නැව­තු­ම්පො­ළ­වල් පව­ත්වා­ගෙන යෑමට අව­සර ලබා ඇති බවද හෙතෙම වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.
(ආරි­ය­රත්න ගනේ­ගොඩ)