covid-dead-bodies-pardon-sri-lanka

 COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව ඒ සම්බන්ධව අපහසුතාවට පත්වූවන්ගෙන් රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ සිදුවූ මෙම වරද ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව කෙරෙහි වඩාත් බලපෑවේය.
තම තීරණ සාධාරණීකරණය පිණිස වියතුන්ගේ මතවාද හා පර්යේෂණවල සහයද ලබාගනිමින් රජය එකල මේ වෙනුවෙන් තර්ක ගොඩනැගූ අතර ජාත්‍යන්තර කිසිදු රටක අනුගමනය නොකළ ප්‍රතිපත්තියක් ජනතා විරෝධය මැද ක්‍රියාවට නැගීය. WHO නිර්දේශද නොසලකා හැරීම විවාදයට හේතු විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අනුව අද මෙම සමාව ගැනීම අනුමත කර ඇති අතර ඊට අමතරව ආගමික වශයෙන් මළ සිරුරු සම්බන්ධ අවසන් කටයුතු කිරීමට අදාළ පනතක් ගෙන ඒමද අනුමත කර ඇත.
අදාළ කැබිනට් සටහන පහතින්