deduru-oya-fish

හලා­වත දැදු­රු­ඔයේ සිටින දැවැන්ත මාළු විශේ­ෂ­යක් හේතු­වෙන් දැදු­රු­ඔය දෙපස ගම්මා­න­වල ජන­තාව දැදු­රු­ඔ­යට බැසී­මට බියක් දක්වයි. මීට දින කීප­ය­කට පෙර මේ මත්ස්‍ය­යකු ආරි­ය­ගම ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙකු සපා කෑමෙන් බර­ප­තළ තුවාල සිදුව තිබූ අතර ඒ සඳහා හලා­වත මහ රෝහලේ සති­යක් නේවා­සි­කව ප්‍රති­කාර ගැනී­මට ඔහුට සිදුව තිබිණි.



මේ තුවාල සඳහා මැහුම් 16ක් යොදා තිබූ බවද මේ මත්ස්‍ය ප්‍රහා­ර­යට ලක්වූ ඇලෝ­සි­යස් ලොව් මහතා පැව­සිය.

මේ අතර එවැ­නිම ආකා­රයේ මාළු­වෙකු ධීව­ර­යෙ­කුගේ මත්ස්‍ය දැල­කට පැටලී සිටි අතර මිය­ගොස් සිටි බැවින් ධීව­ර­යන් ඒ මත්ස්‍ය වීඩියෝ කර ගැනී­මෙන් අන­තු­රුව නැවත දැදුරු ඔය­ටම දමා තිබිණි.

දැලට හසුවූ මත්ස්‍යයා දිගින් අඩි හත­රක් පමණ වන අතර බර කිලෝ­ග්‍රෑම් 25ක් පමණ විය හැකි බව ගම්වැ­සි­යන් පැව­සූහ.

මෙලෙස දැලට හසුව තිබූ මත්ස්‍ය ඇලි­ගේ­ටර් වර්ගයේ මත්ස්‍ය­යෙකු විය හැකි බව ගම්වැ­සි­යන්ගේ මත­යයි.
( ප්‍රසාද් පුර්ණ­මාල්)