dulan-change-prison

අතු­රු­ගි­රි­යේදී ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාත­නය කිරී­මට අනු­බල දුන් බවට සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් දුලාන් සංජුල නමැති ටැටූ ආය­ත­නයේ හිමි­කරු කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගාර‍යේ සිට වෙනත් බන්ධ­නා­ගා­ර­ය­කට මාරු කර යැවී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇත. 

තම ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ඔහු විසින් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සිදු කළ ඉල්ලී­මක් අනුව මේ පිය­වර ගෙන තිබේ. අනෙක් සැක­ක­රු­වන් 6 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගාර‍යේ වාට්ටු දෙකක වෙන වෙනම රඳවා තිබෙන බවද බන්ධ­නා­ගාර කොම­සා­රිස් මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණී බී. දිසා­නා­යක මහතා කීය.

මේ අතර අල්ලස් ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි­යදී තවත් රැඳ­වූ­ව­කුගේ බ්ලේඩ් ප්‍රහා­ර­ය­කට ගොදු­රුව මුහුණේ කැපුම් තුවාල ලබා වැලි­කඩ බන්ධ­නා­ගර රෝහලේ ප්‍රති­කාර ලබන කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් පරි­ක්ෂ­ක­ව­රයා තව­දු­ර­ටත් බන්ධ­නා­ගාර රෝහ­ලේම රඳවා සිටින අතර,

අල්ලස් ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ඔහු සමඟ ඒ බන්ධ­නා­ගා­ර­ය­ටම යොමු කළ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ කොස්තා­පල්ද වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට මාරු කර යවා තිබේ. ඔවුන් දෙදෙ­නාගේ ආර­ක්‍ෂාව පිළි­බඳ අව­ධා­නය යොමු කර වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට මෙසේ මාරු කර යැවී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇත.