
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙයි.
පෙත්සම්කරු කියා සිටින්නේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි.
එම සංශෝධනය ජනමතවිචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමතවිචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව පෙත්සම්කරු කියා සිටියි.
එම සංශෝධනය ජනමතවිචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබෙයි.
එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවත් ඔහු පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval