election-date-confirmed

 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම  සඳහා නියමය පලකරන දිනය,නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට( 26) දින ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන අතර


අද (25)රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම  තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මාධ්‍ය වෙත දන්වා සිටියේය.
ඒ අනුව ඡන්ද විමසීම් දැන්විම අනුව සැප් 14 ට පසුව තිබෙන ළඟම හා හොඳම දිනය ජනපතිවරණයට නම් කර ඇති බවද කීය.

එමෙන්ම ජනාධිපති ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා සෙසු ව්‍යවසථාපිත  කාර්යන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව කියන ඔහු හෙට දින නියම කළ පසු ජනපතිවරණය පැවැත්වෙනව බවත් 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා වෙනසක් නොවන බවත්ය.



මේ අතර ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර සිටියේය.
ඉදිරි දිනවලදී යම්හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවුවද ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.