election-date-postponed

මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අද (16) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා සිටියේය.



මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බව ද ඒ මහතා කියා සිටියේය.
ජුලි 17 එනම් හෙ‍ට මෙම දිනය ප්‍රකාශ කරන්නේ නැතිව සිටීම නිසා නාම යෝජනා කැඳවීම පමාවන අතර  නිවේදනය නිකුත් කරන දින සිට 16-21ත් අතර දිනයක නාම යෝජනා කැඳවිය යුතුවීම නිසා මෙතැන පමාවක් සිදුකර ඇත.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමේ නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය නම් අගෝස්තු මස 20 වනදා දක්වා කොමිසමට බලය ඇති බවයි.



නාම යෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාල සීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉහත කී පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරණය පැවැත්වීම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතුව තිබේ.