හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5ක විදුලි ගාස්තු සංශෝධනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
පසුගියදා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මෙයට අනුව දළ වශයෙන් රු 30 ක් පමණ එක් ඒකකයකට අඩුවේ.
ගෘහ පාරිභෝගිකයින් සමස්තය සැලකීමේදී වැඩිම අඩුවීම ඒකක 30 හා අඩු රු 8 සිට 6 ට අඩුවේ (සියයට 25)
ඊට අමතරව 30- 60 රු  20 සිට 9  ට අඩුවේ(සියයට 55)
 කර්මාන්ත හා සංචාරක ආයතන දවල් කාලයේ සියයට 33 ක් පමණ අඩු කර ඇත.
ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය 280 ක්වා පහතට යනු ඇති බවත්
ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත රුපියල් 700ක් දක්වා පහතට යනු ඇති බවත් මේ ගැන අදහස් පළ කළ මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇත.
එමෙන්ම ආගමික ස්ථාන සඳහා අය කරන ගාස්තු සියයට 30කට අධික ප්‍රමාණයකින් අඩු කිරීමට ද මහජන කොමිසන් සභාව තීරණය කර ඇති බව දන්වා ඇත.
ජූලි 16 අඟහරුවාදා සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බිල 22.5%කින් පහත හෙළන ආකාරය පැහැදිලි කරමින් මහජන උපයෝගීතා කොමිසම නිකුත් කළ ඒකක අනුව සංඛ්‍යා දැක්වෙන වගුව මේ සමග පළවේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්