starlink-for-sri-lanka

 ලෝකයේ ඉහළ මට්ටමේ ධනපති එලොන් මස්ක් ඔහුගේ Starlink චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ දියත් කිරීම සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන බව වාර්තාවේ.





රජය,  Starlink වෙත එහි අන්තර්ජාල සේවා සැපයීම සඳහා මූලික අනුමැතිය ලබාදී තිබෙන අතර වසර 28කට පසු විදුලි සංදේශ නියාමන පනත පවා සංශෝධනය කර රජය එම ක්‍රියාවලිය වේගවත් කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක පැවසුවේ Starlink මෙහෙයුම් සඳහා බලපත්‍ර ලබාදීමේ මූලික සැකිල්ල මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය නව නීති රීති නව පනතට අනුව සකස් කරන බවත්ය.

“අපි එම කාර්යය අවසන් කිරීමට ජූලි මස අවසානය දක්වා කාලය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, අපට නියමිත වේලාවට එම කාර්යය හොඳින් අවසන් කළ හැකි වේවි. මේ ගැන  සොයා බලන්න එලොන් මස්ක්ගේ සංචාරයක් අගෝස්තු මාසයේදී සිදුවන බව දන්වා තිබෙනවා"
ඔහු කියා සිටියේ උපකරණ සියල්ල ස්ථාපනය කර ක්‍රියාත්මක වීමට

යටිතල පහසුකම් සැකසීමට අවශ්‍ය බවත් ඔවුන්ට  මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට තවත් සති තුනක් ගත වන බවත්ය.
Starlink මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිවාස ඒකක වෙත අසීමිත අන්තර්ජාල දත්ත ලබාගත හැකිවන මෙම සේවාව සඳහා පුද්ගලයෙකුට මූලික සැකසුම හෝ ලියාපදිංචි කිරීමේ පිරිවැය US$ 400 සහ US$ 600 අතර
(ශ්‍රී ලංකා රුපියල් 120000 සිට180000 අතර) පරාසයක පවතින බවත්  මාසික ගාස්තුව US $ 99  (රුපියල් 30000) පමණ වන බවත් මින් ඉහත දන්වා තිබුණි.