2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ඩ්‍රෝන් ඔත්තු බැලීමේ වංචාවක් නිසා කැනඩා කාන්තා පිල අපකීර්තියට ලක්ව තිබේ.
ඔලිම්පික් තරගාවලියේදී කාන්තා පාපන්දු තරග සටහන අනුව නවසීලන්තය සමග කානඩාවට තරග වැදීමට දින කිහිපයකට පෙර ජූලි 22 වනදා පෙර පුහුණුවීම් පැවති අවස්ථාවක නවසීලන්ත කන්ඩායම පුහුණු වන තැනට ඩ්‍රොන යානාවක් යොමු කර ඔවුන් පුහුණුවන ආකාරය ගැන ‍ඔත්තු බැලීමට කැනඩා කන්ඩායමේ පුහුනුකාරියන් උත්සාහ දරා තිබේ.



නවසීලන්ත ඔලිම්පික් කමිටුව සිය කාන්තා පාපන්දු කණ්ඩායම රූගත කරන ලද ඩ්‍රෝන යානය පිළිබඳව විධිමත් පැමිණිල්ලක් ගොනු කළ පසුව පරීක්ෂණ අනුව කැනඩාව වරද සිදුකර ඇති බව හෙළි විය.
මේ අනුව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා වල ඉතිරි කාලය සඳහා කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බෙව් ප්‍රිස්ට්මන් ඉවත් කිරීමට කැනේඩියානු ඔලිම්පික් කමිටුව පියවර ගත්තේය.
FIFA ඔලිම්පික් කාන්තා පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලදී කැනඩාවට ලකුණු හයක් අඩුකර ඇති අතර පුහුණුකරුවන් තිදෙනෙකු වසරකට තහනම් කිරීමේ දඩුවමකටද ලක්විය.
 ඩ්‍රෝන් ක්‍රියාකරු ජෝසෆ් ලොම්බාර්ඩි නමැත්තෙකු ප්‍රාදේශීය පොලිසිය රඳවා තබා ගත් අතර, පසුව ඔහුට මාස අටක අත්හිටවූ සිර දඬුවමක් පනවා තිබේ.

FIFA විසින් කැනඩා පුහුනුකරුවන් වන ප්‍රිස්ට්මන්, ලොම්බාර්ඩි සහ මැන්ඩර්ට පාපන්දු ක්‍රීඩාවට අදාළ කිසිදු ක්‍රියාකාරකමකට සහභාගී වීම වසරක් තහනම් කළ අතර කැනේඩියානු පාපන්දු සංගමයට (CSA) එරෙහිව ස්විස් ෆ්‍රෑන්ක් 200,000 (රු කෝටි 7 ක් පමණ) දඩයක් නිකුත් කරන ලදී.

"කිසිදු පුහුණු මධ්‍යස්ථානයක් හරහා ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්" කර ඇති පසුබිමක මෙම වරද හසුවිය.