enderamulla-police-incident

සිය සැමියා විසින් තමාට පහර දෙන බවට වූ ප්‍රභූ ආර­ක්ෂක අංශ­යක සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­රි­යක විසින් කළ පැමි­ණි­ල්ලක් විභාග කරන අව­ස්ථා­වේදී ඇගේ සැමියා වන විශේෂ කාර්ය බළකා කොස්තා­ප­ල්ව­ර­යකු පැමිණ එඩේ­ර­මුල්ල පොලිස් ස්ථානය තුළදී ඇයට දිගින් දිග­ටම පහර දෙමින් පොලිස් ස්ථානය තුළ යකා නටා ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.



මෙම සිදු­වීම වී ඇත්තේ පෙරේදා (25) සවස් කාල­යේ­දීය.

මේ සම්බ­න්ධ­යෙන් විශේෂ කාර්ය බළකා ගෝන­හේන කඳ­වුරේ සේවයේ නිරත කොස්තා­ප­ල්ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. වත්තල ගොංගි­තොට එක්සත් මාවතේ පදිං­චි­කා­රි­යක වන ඇය සැමියා විසින් තමාට පහ­ර­දෙන බවට වූ පැමි­ණිල්ල ඉදි­රි­පත් කර ඇත්තේ පසු­ගිය 23 වෙනි­දාය.

ඒ අනුව ඇය­වත් ඇගේ සැමි­යා­වත් එඩේ­ර­මුල්ල පොලි­සියේ නිල­ධා­රීන් විසින් කැඳවා පෙරේදා (25) පැමි­ණිල්ල විභාග කිරී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී පහ­ර­දීම සිදුව ඇත්තේ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­යේ­දීය.

බිරි­යට පහ­ර­දෙන පොලිස් කොස්තා­ප­ල්ව­රයා පාල­නය කිරී­මට පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් දැඩි උත්ස­හ­යක් ගත්තද කල­හකාරී ලෙස හැසි­රීම හේතු­වෙන් පොලිස් ස්ථානයේ දේපො­ළ­ව­ල­ටද හානි වී තිබේ.

පොලිස් ස්ථානයේ වූ විදුලි පංකා­වක්, වී.පී.එන්. කාම­රයේ වීදුරු ද මෙම නිල­ධා­රි­යාගේ කල­හකාරී හැසි­රීම හේතු­වෙන් හානි වී ඇති බව පොලි­සිය කියයි. අත්අ­ඩං­ගු­ව­ට­ගත් පොලිස් කොස්තා­ප­ල්ව­රයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

මෙහිදී එඬේ­ර­මුල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුනිල් ප්‍රියන්ත මහ­තාගේ උප­දෙස් පරිදි කොස්තා­ප­ල්ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන පහ­ර­දීම, රාජ්‍ය නිල­ධා­රි­යෙකු හට සාප­රාධී බල­හ­ත්කා­ර­කම් සිදු කිරීම සහ රාජ්‍ය දේපළ හානි සිදු කිරීම යන චෝදනා යටතේ මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කොට තිබේ.
(ගයාන් කුමාර වීර­සිංහ සහ)