france-olympic-before-train-issue

 පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයට පැය කිහිපයකට පෙර ප්‍රංශ අධිවේගී දුම්රිය මාර්ගවල ගිනි තැබීම් මාලාවක් එල්ල වී තිබේ. දුම්රිය සමාගමක් වන SNCF පවසන්නේ එය එක රැයකින් "ජාලය අඩාල කිරීම ඉලක්ක කරගත් දැවැන්ත ප්‍රහාරයකට" ගොදුරු වූ බවයි.

පැරිසියේ බටහිර, උතුර සහ නැඟෙනහිර දෙසින් දිවෙන TGV මාර්ගවල ස්ථාන තුනක ගින්න ආරම්භ විය.
දකුණු දෙසින් ලියොන් සහ මධ්‍යධරණී මුහුද දක්වා දිවෙන මාර්ගයේ සිව්වන ගිනි තැබීම් ප්‍රහාරයක් සිදු කර ඇති මුත් අසාර්ථක විය.
එහි ප්‍රතිඵලය වන්නේ TGV දුම්රිය වෙනත් මාර්ගවලට හරවා යැවීම නිසා පැය දෙකක් දක්වා ප්‍රමාදවීම් සහ සමහර අවලංගු කිරීම් සිදු වීමයි.ගිනි තැබීම් නිසා ගමනාගමන පද්ධතියට අදාළ රැහැන් විනාශවී ඇත.

SNCF දුම්රිය සමාගම පවසන්නේ එය "ජාලය අඩාල කිරීම ඉලක්ක කරගත් දැවැන්ත ප්‍රහාරයක්" බවයි. ප්‍රංශයේ ප්‍රවාහන ඇමති "සම්බන්ධිත ද්වේෂසහගත ක්‍රියා" හෙළා දකී
පාරිභෝගිකයින් 800,000ක් පමණ සති අන්තයේ සිදුවන බාධා කිරීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව දුම්රිය සමාගම පවසයි



යුරෝස්ටාර් දිගු ගමන් කාලයන් සහ සමහර අවලංගු කිරීම් ගැන පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබේ.

300,000 කට අධික ප්‍රේක්ෂකයින් සහ ලොව පුරා සිටින ප්‍රභූවරුන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ප්‍රේක්ෂකයින් ඉදිරිපිට ඔලිම්පික් ක්‍රීඩා සමාරම්භක උත්සවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් අද රාත්‍රියේ මධ්‍යම පැරිස් හරහා යාත්‍රා කිරීමට සූදානම් වන පසුබිමක මෙය සිදුවිය.
බොහෝ ප්‍රංශ ජාතිකයන් ඔවුන්ගේ අගනුවර සිදුවන ඔලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් නගරයට යාමට උත්සාහ කරන අවස්ථාවක මෙම බාධාව ඇතිවීම නිසා ගැටලුවලට මුහුණපා ඇත. ඔවුන් විකල්ප සොයමින් ගමන් කරමින් සිටී.
මෙවැනි බාධකයක් සකස්කිරීමට කල්ගතවන බවත් සති අන්තයෙන් පසුවත් අලුත්වැඩියා කටයුතු අවසන් නොවිය හැකි බව සමාගම දන්වා ඇත.