
අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දැනට පවතින ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ.
පසුගිය කාලය පුරා දිගින් දිගටම ඉන්ධන මිල පහත හැරිය අතර ජනපතිවරණ උණුසුම සමග තවත් අඩුවේදැයි ජනතාව අපේක්ෂාසහගතව සිටි නමුත් එවැන්නක් සිදුවූයේ නැත.
දැනට පවතින ඉන්ධන මිල පහත පරිදිය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 379කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 355 කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර භූමිතෙල් මිල රුපියල් 202 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval