gammanpila-speaks

මෙවර ජනපතිවරණයට තරගවැදීමට දැනට ඉදිරිපත්ව ඇති ප්‍රධාන පස්දෙනාම එනම් රනිල්,සජිත්,අනුර කුමාර,‍ සරත් ෆොන්සේකා හා විජේදාස රාජපක්ෂ යන අය යහපාලන ආණ්ඩුවට සම්බන්ධිත හා එම මතයට වැඩ කළ නායකයින් බවත් ඔවුන් සියලුදෙනාගේ මතය පොහොට්ටුව මගින් 2019 පරාජයට පත්වූ බවත්




ඒ වෙනුවෙන් අතිමහත් හැටනම ලක්ෂයක ජනතාවක් ක්‍රියාකළ බවත්  'සර්වජන බලය' සන්ධානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් උදය ගම්මංපිල පැවසීය.
ඒ නිසා ලක්ෂ 69 ක් වෙනුවෙන් කෙනෙකු දැනට නැති බව කියන ඔහු
එබැවින් පොහොට්ටු නියෝජනයක් නැති තැන එම ලක්ෂ 69 වෙනුවෙන් තමන් නායකයෙකු ඉදිරිපත් කරන බවත් ලබන මස 4 වනදා එම අපේක්ෂකයා තමන් ඉදිරිපත්කරන බවද ඔහු කීය. එම අපේක්ෂකයා ලක්ෂ 69කගේ බලාපොරොත්තු වෙනුවෙන් වැඩකරන අයකු බව කීය.
(දේශපාලන ආරංචි හෙළි කර තිබෙන්නේ සර්වජන බලය ජනපති අපේක්ෂක ලෙස දිලිත් ජයවීර තරග වදින බවයි)