gangani-seneviratne-sri-lanka-olympic-swimming

පැරිස් ඔලිම්පික් තරගාවලියේ පසුපසආර කාන්තා මීටර් 100 පිහිනුම් තරග මූලික තරග වටයේ තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගංගා සෙනෙවිරත්න සමත් වූවාය. මෙම තරගය අද දින පැරිසියේදී පැවැත්වුනේ පස්වරු 2.45 ට පමණය.
ගංගා සමග තවත් රටවල් තුනක ක්‍රීඩිකාවන් තරග වැදුණ අතර තත්පර 1:04.26කින් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න පළමු ස්ථානයට පත්විය. කෙසේ වෙතත්, තරඟාවලියේ හොඳම පිහිනුම් ක්‍රීඩකයින් 16 දෙනාගේ කාලයෙන් පිටත අවසන් වූ  නිසා අවසන් පූර්ව වටයට ඇය නොපැමිණි අතර, පිහිනුම් ක්‍රීඩකයින් 36 දෙනාගෙන් 30 වැනි ස්ථානයට පත්විය.

වීඩියෝව පහතින්