gmoa-sanjeewa-prabath

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නව සභා­ප­ති­ ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය සංජිව තෙන්න­කෝන් සහ නව ලේක­ම් ලෙස වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහ­ත්වරු ඒක­ම­ති­කව තෝරාගෙන තිබේ.
 සංග­මයේ සාමා­ජි­ක­ත්වය විසින් පෙරේදා (29) දිනයේ දී සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනුව මෙම තෝරා පත් කර ගැනීම් සිදු කර තිබුණි.



වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු අතර, විශේ­ෂඥ වෛද්‍ය සංජීව තෙන්න­කෝන් මහතා රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියු­තුව සිටියි.

සංග­මයේ ඉදිරි කට­යුතු ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව විනි­වි­ඳ­භා­ව­ය­කින් යුතුව කර­ගෙන යාම­ටත්, සංග­මයේ සාමා­ජි­ක­ත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් ලබා­දී­මට මෙන්ම රෝගී ජන­තා­වට වඩාත් යහ­පත් සෞඛ්‍ය සේවා­වක් උරු­ම­කර දීම සංග­මයේ අපේ­ක්ෂාව බව නව නිල­ධා­රීන් සඳහන් කරති.
සංග­මයේ හිටපු සභා­පති විශේ­ෂඥ වෛද්‍ය දර්ශන සිරි­සේන සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහ­ත්වරු සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව පසු­ගි­යදා සිය තන­තු­රු­ව­ලින් ඉවත් වී තිබුණි.