gnasara-released-on-bail

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී බන්ධනාගාර රෝහලේ රැඳී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.



ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබූ බව සඳහන් වේ.

ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණි.
කොළඹ මහාධිකරණය මීට පෙර පූජ්‍ය හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.

2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට පසුගිය මාර්තු මස 28 වැනිදා බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණි.
ඒ අනුව වසර 4 ක් සිරගත කළ හිමි නම මාස 4 කින් ඇප මත නිදහස් විය.

මාර්තු 28 සිරගත කෙරුණද ඥාන­සාර හිමි මාර්තු 29 පෙර­ව­රුවේ බන්ධ­නා­ගර රෝහල් වෛද්‍ය­ව­රුන් විසින් පරීක්ෂා කර රෝගී තත්ත්ව­යන් මත බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ අතර පසුගිය කාලයේ බන්ධ­නා­ගාර රෝහලේ 4 වැනි වාට්ටුවේ රඳවා සිටියේ බරපතල වැඩද නොලබාය.

නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස සහ සංජය මාරඹේ සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පූජ්‍ය හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.