grama-officer-remanded

උප්පැන්න සහ­ති­කයේ නම වෙනස් කිරී­මට අවශ්‍ය අනු­මැති සහ­ති­ක­යක් ලබා­දී­මට රුපි­යල් හත­ළිස් දහ­සක අල්ලස් මුද­ලක් ඉල්ලා ලබා­ග­ත්තැයි අල්ලස් කොමි­සම අත්අ­ඩං­ගු­වට ගත් මාද­ම්පි­ටිය ග්‍රාම නිල­ධා­රි­ව­රයා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඊයේ (24) නියෝග කළේය. අධි­ක­ර­ණ­යට ග්‍රාම නිල­ධා­රී­ව­රයා ඉදි­රි­පත් කරන අව­ස්ථා­වේදී විශාල පිරි­සක් පැමිණ සිටි අතර මෙම ග්‍රාම නිල­ධා­රී­ව­රයා හොඳම ග්‍රාම නිල­ධා­රියා ලෙස සම්මා­න­ලාභී නිල­ධා­රි­යා වීම එයට හේතුවිය.



මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ මාද­ම්පි­ටිය පාර, කොළඹ 15 පදිංචි තට්ටම්බ රාළ­ලාගේ දොන් ප්‍රදීප් පෙරේරා නමැති වේල්ල­වී­දිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මාද­ම්පි­ටිය ග්‍රාම නිල­ධා­රි­ව­ර­යාය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම වෙත පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණේ කොළඹ 15 පදිංචි ව්‍යාපා­රි­ක­යෙකි. පැමි­ණි­ලි­ක­රුගේ උප්පැන්න සහ­ති­කයේ සඳ­හන්ව ඇති නම වෙනස් කිරී­මට අවශ්‍ය අනු­මාන සහ­ති­කය ලබා­දී­මට හා නාග­රික සංව­ර්ධන අධි­කා­රිය මඟින් සිදු­ක­රනු ලබන නාග­රික පුන­ර්ජී­වන ව්‍යාපෘ­තිය යටතේ නිවා­ස­යක් ලබා ගැනී­මට අවශ්‍ය අය­දු­ම්ප­ත්‍රය නිර්දේශ කිරී­මත් වසමේ පදිංචි බවට සහ­ති­ක­යක් ලබා­දී­ම­ටත් සැක­කාර ග්‍රාම නිල­ධා­රි­ව­රයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මුල් අව­ස්ථා­වේදී රුපි­යල් පනස් දහ­සක් වටිනා විදේශ මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා ඇති සැක­කරු පසුව මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

පැමි­ණි­ලි­ක­රුගේ පැමි­ණි­ල්ලෙන් පසු උපා­ය­දූ­ත­යකු යොදවා වැට­ලීම සංවි­ධා­නය කර පෙරේදා (23) පස්වරු 4.00ට පමණ මෝදර ප්‍රදේ­ශයේ මහල් නිවාස සංකී­ර්ණ­යක පිහිටි සැක­ක­රුගේ නිල කාර්යා­ල­යේදී අදාළ අල්ලස් මුදල ලබා­ගන්නා අව­ස්ථා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥ ඇන්ටන් සේනා­නා­යක මහතා සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­කයා කීර්ති­මත් ග්‍රාම නිල­ධා­රි­ව­ර­යකු වශ­යෙන් කට­යුතු කළ අයකු වන අතර මෙම අල්ලස් සිද්ධිය නිර්මා­ණය කරන ලද්දක් බවය.

මෙය කිසි­සේත්ම නිර්මා­ණය කළ දෙයක් නොවන අතර, සැක­කරු අදාළ අල්ලස් මුදල ලබා­ගෙන ඔහුගේ කලි­සම් සාක්කු­වට දමා­ගෙන ඇති බවට උපා­ය­දූ­තයා සඳ­හන් කළ බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කළේය.



අදාළ අල්ලස් මුදල තම සේවා­දා­ය­කයා ඔහුගේ කලි­සම් සාක්කු­වට දමා ගන්නවා උපා­ය­දූ­තයා දුටුවා නම් ඔහුගේ මේස ලාච්චු ඇද පරී­ක්ෂා­වට ලක් කළේ මන්දැයි මෙහිදී නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. චුදිත පාර්ශ්වය ප්‍රකාශ කරන අන්ද­මට අල්ලස් මුදල ලබා­ගත් සැක­කරු ඔහුගේ කලි­සම් සාක්කුවේ දමා ගන්නවා උපා­ය­දූ­තයා දුටුවා නම් ඔහුගේ මේස ලාච්චුව පරීක්ෂා කළේ මන්දැයි අධි­ක­ර­ණය අල්ලස් කොමි­ස­මෙන් ප්‍රශ්න කර සිටි­යේය. අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන සිදු­වන බැවින් ඉදිරි දිනට සවි­ස්තර වාර්තා­වක් ඉදි­රි­පත් කරන තෙක් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට මෙහිදී අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­කරු සම්බන්ධ සියලු වාර්තා සහි­තව විම­ර්ශන කඩි­නම් කර අධි­ක­ර­ණ­යට දැනුම් දෙන ලෙසට අල්ලස් කොමි­ස­මට නියම කර­මින් සැක­කරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.