hakeem-parliament

 ව්‍යවස්ථාදායක සභාව මගින් පොලිස්පති පත්කිරීම හෝ වෙනස් කිරීම සිදුවන බවටත් එයට අධිකරණය අතදැමිය නොහැකි බවටත් පවසමින් අද දින පාර්ලිමේන්තුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන තර්ක කරේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් දිගටම තබාගත යුතු බවත් ඔහුගේ තනතුරට වාරණයක් පැනවීම කර වැඩ බලන අයෙකු පත්කිරීම කරන්නට අධිකරණයට හැකියාවක් නැති බව පවසමිනි.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා කතානායක වරයා වන අතර මෙයට පෙර පැවති නඩු තීන්දු වලදී ව්‍යවස්ථාදායක සභාව ජනපතිගේ පත්කිරීම් ගැන සොයා බැලූ විධායකයට සම්බන්ධ ආයතනයක් ලෙස හැසිරුනි. එසේම අධිකරණයේ විනිසුරන් පත්කිරීමට අදාළව එම සභාවට බලයක් නැති බවට පසුගිය දිනවල අධිකරණය දුන් තීන්දුවටද එය හිස නැමීය.


මෙම තත්වය යටතේ පොලිස්පති සම්බන්ධ ගැටලුව පමණක් ගෙන එමින් වාසිගන්නට ආණ්ඩුව උත්සාහ කරන බව පාර්ලිමේන්තුවේ  විපක්ෂයේ බොහෝ දෙනෙකු අද පෙන්වා දුනි.
මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ඒ ගැන මෙසේ කීය.
"මේ තර්කය ගේන්නේ විශේෂයෙන්ම දැන් මීට පෙර තවත් තීන්දුවක් ලබාදුන්නා. ශ්රේෂ්ඨාධිකරණයේ ව්යවස්ථාදායක සභාවෙන් විනිසුරුවන් පත් කිරීම අත්හිටුවා තීන්දුව ලබා දුන්නා.

ඒ ගැන නම් කරබාගෙන ඉන්නවා.  නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ වගේ මේ කතාව..යන යකා කොරහත්බිඳගෙන යනවා වගේ වැඩක්  ඔබතුමා ඉඩ දෙන්න එපා හරි භයානක ඝට්ටනයක් ඇති වේවි.
තමන්ට ඕන පොලිස්පති කෙනෙක් දාගෙන මැතිවරණෙදි ජඩ වැඩ කරන්නයි මේ හදන්නේ.

 අපි ඔක්කෝම කැඳවලා කරුණු විමසලා මේ බැරෑරුම් කාර්ය භාර්ය ගැන විසඳුමකට එමු.
මේක මේ අධිකරණයත් ව්යවස්ථාදායකයත් ඝට්ටනයකට යන අවස්ථාවකට ඔබතුමා මඟ පාදන්න එපා. මේක විධායකයේ වුවමනාවට මෙවැනි දෙයක් කිරීම ඉතාම භයානකයි .
යන යකා කොරහත් බිඳගෙන යනවා "