hambantota-hospital-incident

 නිවුන් දරු­වන් පස් දෙන­කුට සමාන උද­රයේ විශා­ල­ත්ව­ය­කින් යුක්ත මව­කගේ ගර්භා­ශයේ තිබූ කිලෝ පහ­ළො­වක් බරැති ගෙඩි­යක් සාර්ථක සැත්ක­ම­කින් ඉවත් කිරී­මට හැකි වූ බව සැත්කම සිදු කළ හම්බ­න්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේ­ෂඥ වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම මහතා සඳ­හන් කළේය. වීර­කැ­ටිය ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු තිස් අටක් වන එක්දරු මව­කට ඊයේ උදෑ­සන (03) සැත්කම සිදු කර ඇත. මේ වන විට එම මව නිරෝගී සුව­යෙන් පසු­වන බව සැත්කම සිදු කළ වෛද්‍ය­වරු සඳ­හන් කරති. මෙම සැත්කම සිදු කර ඇත්තේ ප්‍රසව හා නාරි විශේ­ෂඥ වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම සමඟ සහාය වෛද්‍ය­ව­රුන් දෙදෙ­නකු සහ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු හා හෙද නිල­ධා­රි­නි­යන් තිදෙ­න­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මකි.

වසර ගාණක සිට ටිකෙන් ටික උද­රය ඉදි­මෙ­මින් තිබූ බැවින් ඇය විවිධ වෛද්‍ය­ව­රු­න්ගෙන් ප්‍රති­කාර ලබා­ගෙන ඇත.

උද­රය උසු­ලා­ගත නොහැකි තර­මට ඉදි­රි­යට නෙරා ඒම හේතු­වෙන් හම්බ­න්තොට මහ රෝහ­ලට පැමිණ ප්‍රසව හා නාරි වෛද්‍ය­ව­රයා මුණ­ගැසී තිබේ. ඇගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳු­නා­ගෙන කඩි­න­මින් සැත්කම සිදු කළ බව විශේ­ෂඥ වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම මහතා සඳ­හන් කළේය.

මෙම රෝගී තත්ත්වය Fibroid (ෆයි­බ්‍රො­යිඩ්) තත්ත්ව­යක් බවත් පේෂීන් ඉදිමී ගැට­ගැ­සීම හේතු­වෙන් මෙම තත්ත්වය ඇති වන බව ද වෛද්‍ය­ව­රයා සඳ­හන් කළේය. තවත් දින කිහි­ප­යක් ඇය නිසි ප්‍රති­කා­ර­යක් නොගෙන සිටියේ නම් මිය යන්නට පවා ඉඩ තිබුණු බව ද වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම මහතා කීය.

උද­රයේ යම් යම් වේද­නා­කාරී තත්ත්ව­යන් ඇති වුව­හොත්, එය දිගින් දිග­ටම පවතී නම් විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස වෛද්‍ය සමන් සම­ර­වි­ක්‍රම මහතා සියලු මවු­ව­රු­න්ගෙන් ඉල්ලී­මක් ද කළේය.