heshan-minolsha-death

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සි‍ටි සිසුවෙකු නිවසින් අතුරුදන්ව සිටියදී නිවසට යාබද කැලෑවකින් සිරුර හමුවී තිබේ.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ, දෙවන වසර ඉගෙනුම ලැබූ හේෂාන් මිනොල්ෂ නමැති මෙම සිසුවා මහනුවර
පිළිමතලාව, කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
22 හැවිරිදි වියෙහි පසුවූ ඔහු නිවසින් අතුරුදන්ව සිට සොයා බැලීමේදී

කිරිබත්කුඹුර ප්‍රදේශයේ කැලෑවක තිබී මියගොස් සිටියදී සිරුර හමු විය.නිවසට ආසන්න කැලෑ ප්‍රදේශයේ ගසක එල්ලෙමින් සිටි බව කියන ඔහු සියදිවි නසාගත්‍ ආකාරයක් පෙනෙන්නට තිබෙන අතර මරණය පිළිබඳ පරීක්ෂණ සිදුවේ.කිසියම් සිත් රිදීමක් නිසා කලකිරී සිටි බවට වාර්තා ඇතැයි පොලිසිය පවසයි. මෘත ශරීරය මේ වන විට මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදීමට නියමිතයි.
මියගිය හේෂාන් මිනොල්ෂ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරා ජයවර්ධනපුර සරසවියට ඇතුළත්වූයේ මීට වසර දෙකකට ඉහතදීය.
සිසුවාගේ මරණයට හේතුව අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.