hiripitiya-incident

වෛද්‍ය නිර්දේ­ශ­යක් නැතිව රැගෙන ආ එන්න­තක් රෝගි­ය­කුට ලබා­දීම ප්‍රති­ක්ෂේප කළ හිරි­පි­ටිය ප්‍රාදේ­ශීය රෝහලේ වෛද්‍ය­ව­ර­ය­කුට තර්ජ­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් පෞද්ග­ලික ඖෂධ වෙළෙ­ඳ­සල් හිමි­ක­රු­වකු ඇතුළු සිව්දෙ­නකු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාර­යට පත් කිරී­මට කුරු­ණෑ­ගල ප්‍රධාන මහේ­ස්ත්‍රාත් බන්දුල ගුණ­රත්න මහතා නියම කළේය.

කුරු­ණෑ­ගල හිරි­පි­ටිය නග­රයේ ඖෂධ වෙළෙ­ඳ­ස­ලක හිමි­ක­රු­වකු සමඟ ඔහුගේ මිතු­රන් තිදෙ­නකු මෙලෙස රිමාන්ඩ් භාර­යට පත් කර තිබේ.



හිරි­පි­ටිය ප්‍රාදේ­ශීය රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටින තම බිරි­යට එන්නත් කිරීම සඳහා සැක­කාර ඖෂධ වෙළෙ­ඳ­සල් හිමියා පසු­ගිය 14 වැනිදා රාත්‍රියේ ප්‍රති­ජී­වක ඖෂ­ධ­යක් රැගෙන රෝහ­ලට ගොස් තිබූ අතර වෛද්‍ය නිර්දේ­ශ­යක් නැතිව රැගෙන ආ එම ඖෂ­ධය රෝගි­යාට ලබා­දීම එම අව­ස්ථාවේ සේවයේ යෙදී සිටි වෛද්‍ය­ව­රයා ප්‍රති­ක්ෂේප කර ඇත. එම ඖෂ­ධය ලබා­දී­මට නම් වෛද්‍ය නිර්දේ­ශ­යක් අවශ්‍ය බව වෛද්‍ය­ව­රයා ඔහුට දැනුම්දී ඇත.



ඉන් කෝප­යට පත් ඖෂධ වෙළෙ­ඳ­සල් හිමි­කරු වෛද්‍ය­ව­ර­යාට තර්ජ­නය කර පිටව ගොස් ආපසු තම මිතු­රන් තිදෙ­නකු ද සමඟ පැමිණ නැවත වරක් තර්ජ­නය කර වෛද්‍ය­ව­ර­යාගේ රාජ­කාරි කට­යු­තු­ව­ලට ද බාධා වන අයු­රින් හැසිරී තිබේ. වෛද්‍ය­ව­රයා තමන් මුහු­ණ­දුන් එම සිද්ධිය වැල්ලව පොලි­සි­යට පැමි­ණිලි කිරී­මෙන් පසුව පරී­ක්ෂණ සිදු කර තර්ජ­නය කළ බව කියන ඖෂධ වෙළෙ­ඳ­සල් හිමියා සමඟ ඔහුගේ මිතු­රන් තිදෙනා ද සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙම සිද්ධි­යෙන් අන­තු­රුව වෛද්‍ය­ව­රයා තම ජීවිත ආර­ක්ෂාව පතා


හිරි­පි­ටිය රෝහ­ලෙන් වෙනත් රෝහ­ල­කට ස්ථාන මාරු­වක් ඉල්ලා තිබෙන බව වාර්තා වුවද ඒ සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැන ගැනීම සඳහා වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය අංශයේ කිසිදු උසස් නිල­ධා­රි­යකු සම්බන්ධ කර­ගත නොහැකි විය. මෙම වෛද්‍ය­ව­රයා ස්ථාන මාරු­වක් ලැබී­මට ආස­න්නව සිටි අයකු බව ද වාර්තා වේ. 

(පුෂ්ප­කු­මාර ජය­රත්න)