hirunika-releases-on-bail


පසුගිය ජුනි 28 වනදා බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (22) ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ඇය කළ ඇප ඉල්ලීම පිළිගනිමිනි.


2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට ඇය  වරදකාරිය කෙරුණු අතර ඒ වරදට සම්බන්ධිත අනෙක් පිරිස ඒ දිනවලම ඇප මත නිදහස් කළත් හිරුණිකා වරද පිළිනොගැනීම නිසා නඩුව ඇදෙමින් පැවතී පසුගිය මස ඇය සිරගත කෙරිණි.
කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබූ පසු ඊට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  ඇපෑලක් ඉදිරිපත්කර තිබෙන අතර එය විභාග වනතුරු ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඇප ඉල්ලීමකට අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.