india-cricket-tour-sri-lanka

 තරඟ 03 බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 25 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යු.කේ.- 6107 දරන විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 03.54ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.



පළමුව, විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ඉන්පසුව, අගෝස්තු 02, 04 සහ 07 යන දින තුන තුළ පස්වරු 02.30ට කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත.
කණ්ඩායම් ක්‍රිඩකයින් පහත පරිදිය.

T20I Squad: Suryakumar Yadav (C), Ꮪhubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (WK), Sanju Samson (WK), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohd. Siraj. 

ODI Squad: Rohit Sharma (C), Ꮪhubman Gill (VC), Virat Kohli, KL Rahul (WK), Rishabh Pant (WK), Shreyas Iyer, Shivam Dube, Kuldeep Yadav, Mohd. Siraj, Washington Sundar, Arshdeep Singh, Riyan Parag, Axar Patel, Khaleel Ahmed, Harshit Rana.