isurupaya-incident

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බව කියන නර්තන ආචාර්යවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. අතවරයට පත් දැරිය සැකකාර නර්තන ආචාර්යවරයා

යටතේ නර්තනය හදාරන කණ්ඩායමේ නායිකාව හැටියට කටයුතු කරන්නියක බවත් ඉකුත් ජනවාරි මසදී මෙම අතවරය කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.




හංවැල්ල, රනාල ප්‍රදේශයේ නර්තන පන්තියක් පවත්වාගෙන යන සැකකරු දැරියට නර්තන ඇඳුම ලබාගැනීම සඳහා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඒ අනුව දැරිය අමාත්‍යාංශයට ගිය අවස්ථාවේදී ඔහුගේ උඩුමහලේ කාර්යාලයට දැරිය කැඳවා ලිංගික අතවරය කර තිබූ බව ලද පැමිණිල්ලේ සඳහන් වේ.දැරිය කළ පැමිණිල්ල අනුව සැකකාර නර්තන ආචාර්යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


සැකකාර නර්තන ආචාර්යවරයා මේ ආකාරයෙන්ම වෙනත් දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය මගින් ඉකුත් (13) වැනි දින අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබුණි.අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

කේ. බුද්ධික කුමාරසිරි