italy-river-incident

 ඉතාලියේ බ්‍රින්තා ගඟේ ගිලෙමින් සිටි ලාංකික තරුණයකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගඟට පැන්න රුමේනියා ජාතිකයකු ලාංකික තරුණයා ද සමඟ දියේ ගිලී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.මෙම දෙදෙනාගේ සිරුරු ගං පතුළේ තිබී පොලිසිය හා කිමිඳුම්කරුවන් එක්ව පෙරේදා (15) සවස ගොඩගත් බව ද වාර්තා විය.




මෙම සිද්ධියෙන් රමේශ් ගනේ ගෙදර නැමැති 23 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික තරුණයකු මෙන්ම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ගොස් තිස් හැවිරිදි Bogdan Stefan Cristoiu නමැති රුමේනියන් ජාතිකයා ද මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මියගිය ලාංකික තරුණයා පාපන්දු ක්‍රීඩකයකු වන අතර ඔහු බේරා ගැනීමට ගොස් දිවි අහිමි වූ රුමේනියන් ජාතිකයා මල්ලව පොර ක්‍රීඩකයෙකි. මෙම ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීමට තවත් රුමේනියන් ජාතිකයකු ද ගඟට පැන ඇතත් පසුව ඔහු ජීවිතය බේරාගෙන ඇත.


ලාංකික තරුණයා පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිට නෑමට ගඟට බැස සිටිය දී ගිලෙන්නට පටන් ගෙන ඇති බවත් ඔහුගේ කෑ ගැසීම ඇසුණු රුමේනියන් ජාතිකයන් දෙදෙනා තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ජීවිත පරදුවට තබා ගඟට පැන ඇතැයි මාධ්‍ය සඳහන් කළේය.ම

ේ අවස්ථාවේ ගිලෙමින් සිටි ලාංකිකයාගේ අතක් රුමේනියන් ජාතිකයා අල්ලා ගත්තත් දෙදෙනාම ගිලී නොපෙනී ගොස් ඇති බවට තොරතුරු ඇතැයි ද මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය