jaffna-lawyer-fake

නීති­ඥ­යකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි­මින් කට­යුතු කළ යාප­නයේ උඩු­විල් ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යෙකු යාප­නය පොලි­සිය විසින් 23දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



මෙම පුද්ග­ල­යාව චාවා­ක­ච්චේරී මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී රුපි­යල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැක­ක­රුව නිද­හස් කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා පිය­වර ගෙන තිබිණි.

තමන් නීති­ඥ­ව­ර­යකු යැයි කියා ගත් මෙම පුද්ග­ලයා යාප­නයේ උඩු­විල් ප්‍රදේ­ශයේ කාර්යා­ල­යක්ද පවත්වා ගෙන ගොස් තිබේ.

විදේශ රටක ජීවත් වූ කාන්තා­වක් නිවා­ඩු­ව­කට යාප­න­යට පැමිණ සිය ස්වාමි­පු­රු­ෂ­යා­ගෙන් දික්ක­සාද වීමට ඇතිවූ අව­ශ්‍ය­තා­වක් මත වෙනත් නීති­ඥ­ව­ර­යකු හමු වීමට ගිය විට එම අඹු සැමි යුවළ ඊට වසර හත­ර­කට පෙර ව්‍යාජ නීති­ඥ­ව­රයා විසින් දික්ක­සා­ද­කොට ඇති බවට තොර­තුරු හෙළි වී තිබේ.



පසුව එම කාන්තාව මේ පිළි­බ­ඳව යාප­නය පොලි­සි­යට පැමි­ණිලි කිරී­මෙන් පසුව පොලි­සිය විසින් සිදු කළ පරී­ක්ෂ­ණ­ව­ලදී මොහු ව්‍යාජ නීති­ඥ­යකු බවත් ඉහත කී දික්ක­සා­ද­යද ව්‍යාජ ලෙස සිදු කළ එකක් බව­ටත් තොර­තුරු හෙළි වී තිබේ.

තව­දු­ර­ටත් සිදු කළ පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත්තේ මොහු විසින් යාප­නයේ ප්‍රදේශ කීප­ය­කම පුද්ග­ල­යින්ව රවටා විශාල මුද­ලක් උප­යා­ගෙන ඇති බවයි. ඇප මත නිද­හස් වූ මෙම ව්‍යාජ නීති­ඥ­ව­ර­යාට එරෙ­හිව නඩු විභා­ගය සැප්තැ­ම්බර් මස 19 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.
( රසුල දිල්හාර ගමගේ)