k-sujeewa-ajith-upali-nayana

මේ වනවිට රෝහල්ගතව සිටින ගායන ශිල්පිණී කේ සුජිවාගේ පෙර විවාහය පැවතියේ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ සමගිනි. වසර 6 ක් පමණ පැවති එය සුජීවාගේ දෙවන විවාහය වූ අතර ඇය තෙවැනි විවාහය කරගත්තේ ප්‍රකට ධර්මකථික හිමිනමකවූ උපාලි ස්වාමීන් වහන්සේ සිවුරු හැරවා ගැනීමෙන් පසු ඔහු සමගිනි. එය සිදුවන්නේ 2021 වසරේදීය.
උපතින් හින්දු භක්තික දමිළ කාන්තාවක වන කේ සුජීවා එම විවාහයට පෙර බෞද්ධාගමද වැළඳගෙන තිබුණි. ගුවන්විදුලි නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී අජිත් මුතුකුමාරණ අත්හළ බව කේ.සුජීවා හෙළි කර තිබුනේවී නමුත් නව විවාහය සැඟවීමට කටයුතු කරන ලදි. එතැන් සිට නයන වාසුල නමැති උපැවිදි ස්වාමියා ගැන කිසිදු ඡායාරූපයක් හෝ ඇය පළ කරේ නැත.
අතුරුගිරිය සිදුවීම නිසා උපාලි හිමි හෙවත් නයන වාසුල ජීවිතක්ෂයට පත්වන්නේය. සුජීවා සමග පැවති හිතවත්කම නිසා මෙම යුවළට උත්සවයට‍ ආරාධනා කළ බව ටැටූ දුලාන් පවසා තිබේ.
අජිත් සමග පැවති සම්බන්ධය අතැර ගිය අවස්ථාවේ 2021දී සුජීවා ගුවන් විදුලි නාලිකාවකට පැවසූ සම්පූර්ණ විස්තරය පහතින්




අවුරුදු 6ක් තිස්සේ දිගින් දිගටම මුහුණු පොත හරහා ඔබගේ අජිත් මුතුකුමාරගේ පවුල‍ෙ අයගේ ඡායාරූප පළවුණා. හැබැයි දැන් ඒක නැතිවෙලා තියෙනවා. එතකොට දැන් අපි දකින්නේ අජිත් මුතුකුමාරණ ඔහුගේ කලින් බිරිඳත් එක්ක මුහුණු පොතේ ඡායාරූප පළ කරනවා. එකට මොකක් හරි හේතුවක් තියෙනවාද?

ඒකට හේතුවක් ඔය ප්‍රශ්නේම තියෙනවා මම හිතන්නේ.
අවුරුදු 6ක් තිස්සේ අපි දෙන්නා එකට ජිවත් වුණා. දැන් අපි වෙන් වෙලා අවුරුද්දයි. ඉතිං දැන් ඒ වගේ ඡායාරූප යනවා ඇති. ඒක ගැන තියන්න තියෙන්නේ කෙටියෙන් කියනවා නම් අපි දෙන්නා වෙන් වෙලා දැන් අවුරුද්දක් වෙනවා. එ නිසා තමයි ඒ විදියේ ඡායාරූප Share වෙන්න ඇත්තේ.එගේම පෞද්ගලික හේතු මත අපි වෙන් වුනේ. කවුරුත් ජිවිතේ බලන්න ඕන ඉස්සරහට හොඳට යන විදිය සහ තමන්ට යහපතක් වෙන විදිය දෙයක් කරන්න ඕන. එ වගේම හොඳ නරක කාලයක් යද්දී කෙනෙක්ට තේරුම් යනවා. ඉතිං ආදරේ අන්ධයි කියලා කියනවා. සමහර වෙලාවට අපි අන්ධයි වෙලා ඉන්න අවස්ථාවලුත් තියෙනවා. සමහර වෙලාවට අපි දැනගෙන අන්ධයි වගේ රඟපාන අවස්ථාවලුත් තියෙනවා. ඉතිං මම හිතන්නේ මම ගත්ත තීරණේ හොඳයි කියලා. කාටත් හනියක් නොවෙන තීරණයක් කියලා මට හිතෙනවා.


මම ඇහුවොත් එ කියන්නේ ඔබ පිරිමින්ට රැවටුනාද කියලා ?

ඕව්. (සිනාසී) රැවටුනාද කියලා කිව්වොත් මෙහෙමයි පිරිමින්ට රැවටුනා කියලා කියන්නත් බැහැ. ආදරේට රැවටෙනවා ඇති මම. සමාන්‍යයෙන් ඕනම කෙනෙක් අපේ ගෙදර හදන සතෙක් වුනත් අපි ඔළුව අතගලා කෑම දීලා ආදරෙන් සලකද්දී අපේ පස්සෙන් එනවානේ.. එ ආදරේ සතෙකුට එහෙම දැනෙනව නම් මනුස්සයෝ වෙන අපිට ඊට වඩා දැනෙනවා කියන එක අපි පිළිගන්න ඕන. පොඩි වෙනසක් තියෙන්නේ අපි අතගලා කෑම දීලා සතෙක් ගෙදර හදනාකොට එක වෙනසයි මනුස්සයන්ටයි සතුන්ටයි තියෙන්නේ. ඒ උන්ට කෙලෙහෙි ගුණ තියෙනවා. එතකොට මම කියන්න කැමති තෝරාගත් ආදරේ කරපු ආදරෙන් හිටපු අයට මම රැවටෙන්න ඇති ඉතිං.




ඉදිරියේදි  ගන්න තීරණ වුනත් මීට වැඩිය හිතලා ගත්තොත් හොඳයි නේද‍?

අනිවාර්යෙන්. තීරණයක් ගන්නේම නැති තරම්.මොකද ගත්ත තීරණය ජිවිතේ ඒ වගේ බරපළ තීරණ ගත්තේ දෙපාරයි. දෙකම වැරදි. තුන්වැනිපාර තීරණයක් ගනිද්දී  තීරණයක් ගන්නවාද නැද්ද කියන එක ගැනත් හිතන්න ඕන. මම හිතන්නේ Bad experience දෙකක් තියෙනවා Life එකේ. මට හිතෙනවා අයිත්   decision එකක් ගත්තොත් එක මට දැන් ඉස්සරට වැඩිය ලොකු පිරිසක් ඉන්නවා මගේ වටේ.
මට ඉස්සර යළුවෝ හිටියේ නැහැ. මම අදරේ කියන තැන සියලුදේ අතඇරලා ආදරේ පස්සේ දුවන තරමටම අන්ෂ වෙලා ඒ ආදරේට ආදරේ කරන කෙනෙක්. ඒ නිසා මගේ අවට මට හොඳ යළුවෝ හිටියේ නැහැ. මම ගැන හොයලා බලන කරන දේ හරි වැරදි තෝරලා දෙන්න මට කවුරුත් හිටියේ නැහැ. ඒහෙම හිටියා නම් මම හිතන්නේ මම ගත්ත තීරණේ එච්චර අවුල් වෙන්නෙත් නැහැ. ඉතිං දැන් එහෙම නෙමෙයි. අඩුම තරමේ මම කොහෙහරි තැනකට යනවා කිව්වත් මගේ ඇඳුමේ ඉඳලා මොකද්ද ඇඳින්නේ කෙහොමද යන්නේ මොනවාද කියන්නේ කිලා මං ගැන හොයලා බලන්න මගේ දරුවෝ දෙන්නා හැර මගේ හෙවනැල්ල වගේ මගේ යළුවෙක් ඉන්නවා. එ නිසාම ඊළඟට ගන්න තීරණේ වරදිනකක් නැහැ.

දරුවෝ දෙන්නෙක් එක්ක ගෙවන ජිවිතේ එ තරම් ලේසි නැ නේද?

දරුවෝ දෙන්නෙක් එක්කගෙවන මේ ජිවිතේ දැන් නම් හරි ලේසි. හැබැයි මුලදී ඒ තරම් ලේසි වුනේ නැහැ. ඒ කියන්නේ දරුවෝ දෙන්නටම අම්මා තාත්තා දෙන්නාම වුනේ මම පොඩි කාලේ ඉඳලා. ඉතිං ඒ චරිත දෙක රඟපාන ඒක ටිකක් අමාරුයි. තනි චරිතයක් නෙමෙයි නිසා. ඒ වගේම Finacial පැත්තේ ඒ දෙන්නගේම හැමදෙයක්ම දරන්න වෙන්නේත් මට. දරුවෝ දෙන්නා ලොකේට හොඳ දරුවෝ දෙන්නේක් වෙන්නත් ඕන. ඒ වගේම මගේ දුක, කඳුල මගේ ඇතුලේ තියෙන පීඩාව මට එළියට පෙන්න ගන්න බැහැ ඒ දෙන්නට. මොකද මගේ Mood එක තමයි Refelect වෙන්නේ එයාලාගේ මුණවල් වල.  ගොඩක් අමාරු සහ හිතාගන්න වචන වලින් කියා ගන්න බැරි තරම් කටුක, දුෂ්කර කාලයක් මම ගත තරපු කෙනෙක්. හැබැයි මේ වෙද්දී මම හිතන්නේ ඒ දෙන්නා ලොකුයි. ඒ දෙන්නාට සමාන්‍ය දැනුමක් දැන් තියෙනවා සමාජය ගැන. මේ වෙද්දී ඒ දෙන්නාට සමාජ ගැන සහ ජිවිතය ගැන සැහෙන්න දුරකට අවබෝධයක් තියෙනවා. දැනුමක් තියෙනවා. මම හිතන්නේ දැන් ගෙවන ජිවිතේ දරුවෝ දෙන්නෙක් එක්ක අම්මා කෙනෙක් විදියට ඉතා සතුටින්  සාර්ථක ගමනක් මේ යන්නේ. මොකද එ දෙන්නා මට මගේ හැම වැඩකදීම,හැම ප්‍රශ්නයකදීම ,හැම දුකකදීම මාව ශක්තිමත් කරන්න ඒ දෙන්නා ඉන්නවා. ඒ නිසා දැන් මම තනි අම්මා කෙනෙක් විදියට ගෙවන ජිවිතේ ඉතා සතුටින් සාර්ථකව ගෙවනවා. හැබැයි මම ආපු ගමන හැරිලා බැලවොත් සුන්දර,ලස්සන ගමනක් නෙමෙයි.



දුවලා දෙන්නත් මේ වෙද්දී ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තැනක ඉන්නවා එයාලාගේ අනාගතය ගැන මොනවගේ තීරණද අරන් තියෙන්නේ දැන් වෙද්දී?

මම මේ වෙද්දී බෞද්ධයෙක්. ඉතිං අනාගතය ගැන මට මේ වෙද්දී තිරණය කරන්න බැහැ. අද ඉන්නවා හෙට මොනවා වෙයිද කියන්න බැහැ. ඒ දෙන්නා ඉතා හොඳින් ඉතා සාර්ථක ගමනක් යන්න ඕන කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. හැබැයි ඒ දෙන්නාගේ අනාගතේ ඒ  දෙන්නා මේවා කරන්න ඕන මේවගේ දේවල් හදන්න ඕන කියලා දේවල් මම හෙට ගැන Plan කරන්නේ නැති සැලසුමක් ඇතුව මම හෙට මේ මේ list එකේ වැඩ ටික කරන්නේ කියලා හිතන්නේ නැ. මොකද අපි අද රැට දැන් නිදගන්නකොට නැගිට්ටේ නැත්තම් එතකොට ඒ ඒක වැඩක්වත් කෙරෙන්නේ නැ ඉතිං ඒ නිසා අද මේ වේලාව මම ඉතා හොඳින් පාචිච්චි කරලා ඉතා සතුටින් ඉන්නවා..