kalutara-incident

බස් රථයක් තුළදී 25 හැවිරිදි රූමත් හෙද නිලධාරිනියකගේ ළැම පෙදෙස ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.පැමිණිලිකාර හෙදිය කොළඹ සිට මාතර බලා ධාවනය වූ බසයේ ගමන් කරන අතරතුර

ඇය අසල වාඩිවී සිටී සැකකරු ළැම පෙදෙස ස්පර්ශ කළ බවට කොන්දොස්තරවරයාට කළ දැනුම් දීමක් මත බසය කළුතර දකුණ පොලිසිය ඉදිරිපිට නතර කර කළ දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු ගාල්ල ප්‍රදේශයේ රාජකාරි කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
(සුමිත් පොතුපිටිය)