kandy-hotel-pool-death

මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරයාද එම පිහිනුම් තටාකයේම ගිලි බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .





සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැරැල්ලගම කුරුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිස්ජාන් නමැති දරුවෙකි.

මෙම දරුවන් දෙදෙනා තම දෙමාපියන්ද සමග අද (28) දින නිවාඩුව ගතකිරීමට මෙම හෝටලයට පැමිණ ඇති අතර දහවල් 11.00 ට පමණ මියගිය දරුවා තනිව පිහිනුම් තටාකය අසල සිටියදී ඔහු පිහිනුම් තටාකයට වැටී ඇති බව පොලිසිය කියයි .

ඔහු දියේ ගිලි සිටිනු දුටු ඔහුගේ වැඩිමල් සහෝදරයා පිහිනුම් තටාකයට පැන තම බාල සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුද දියේ ගිලී තිබේ .

බරපතල තත්ත්වයෙන් සිටි බාල සහෝදරයා රෝහල කරා රැගෙන යන විටද මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .
(ෂේන් සෙනෙවිරත්න )