karandeniya-phi-murder

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල්  රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනය කළ වෙඩික්කරු ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ.
එම වෙඩි  තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ  දහයක් අඩංගු මැගසිනය  මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් තවත් ගිනි අවියක්ද සොයාගෙන ඇත.
දැනට ප්‍රකාශ කර ඇති පාපොච්චාරණය අනුව විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමන් කොල්ලා රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකරු වෙත ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 අහිතකර ආහාර ගැන නම් සහිත හෙළිදරව් කිරීම් යූටියුබ් ඔස්සේ දැනුවත්කරමින් කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල්  රොෂාන් කුමාර ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනය කරවන්නේ එම අහිතකර ආහාර නිෂ්පාදනයට සම්බන්ධ අයකු බවට අනුමානයක් පැවතිණි. ඒ අනුව විදේශගතව සිට මුදල් යොදවා මෙවැනි ඝාතනයක් කරවූ පාතාල නායකයාට අනුබල දුන් අයගැනද සෙවීම වැදගත් වනු ඇත.

පොලිසිය පවසන ආකාරයට මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු අල්ලාගැනීමේ කතාව වෙනම එකකි. එනම් වෙඩික්කරු හසුවන්නේ වෙනත් වරදකටය.ඔහුගේ කරන්දෙණිය PHI ඝාතන ක්‍රියාව හෙළිවන්නේ අහම්බෙනි.
පසුගිය ජුනි 22 වන දින සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම මුලින්ම සිදුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කහතුඩුව, පොල්ගඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරුගේ ජංගම දුරකතනය ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී සැකකරු තාවකාලිකව පදිංචිව සිටි පැපිලියාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක් හා පතරොම් ගැබ් 01ක් දපොලිස් භාරයට ගෙන තිබුනි. ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පිස්තෝල ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශනය සිදු කිරීමේදී සැකකරු මෙම ආයුධ තබාගෙන කළ අපරාධ ගැන දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේ දිනෙක ඇල්පිටිය පොලිස් වසමේ පතිරාජවත්ත ප්‍රදේශයේ අවුරුදු 51 ක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් බවද පවසා තිබේ.

යතුරු පැදියකින් තවත් අයෙකු සමග ගොස් වෙඩි තබා ඝාතනය සිදුකළ බවත් විදේශීය රටක සිටි පාතාල නායකයෙකු විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සඳහා සැකකරුට මුදල් එවා තිබූ බවත් ඔහු හෙලි කර තිබේ.

කර­න්දෙ­ණියේ හිත­හොඳ දොස්තර, පොලිස් පරී­ක්ෂක බාලේ­න්ද්‍ර­සීහ, වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් ඇතුළු දකුණේ ඝාතන ගොන්න­කට වග­කිව යුතු බව කියන ඩුබා­යිහී රැඳී සිටින බව කියන කර­න්දෙ­ණියේ සුද්දා නමැති පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ මෙහෙ­ය­වීම මත මෙම ඝාත­නය සිදු කර ඇති බව විම­ර්ශ­න­යේදී පෙනී යන්නේ යැයි පොලිසිය පවසයි.

පොලිස් පරී­ක්ෂක බාලේ­න්ද්‍ර­සීහ ඝාත­නයේ වෙඩි­ක්ක­රුද මෙම සැක­කරු බවට සැක කරන තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බැවින් එය තහ­වුරු කර ගැනී­මට විම­ර්ශන පැවැ­ත්වෙයි.


අත්අ­ඩං­ගු­වට ගෙන සිටින වෙඩි­ක්ක­රුව මෙම ඝාත­නය සඳහා මෙහෙ­යවා ඇත්තේ කර­න්දෙ­ණිය සුද්දාගේ ප්‍රධාන ගෝල­යෙක් වන සමන් කොල්ලා නමැත්තා බව පොලිසිය විශ්වාස කරයි. සමන් කොල්ලා සිටින්නේ ඩුබා­යි­හිය.

ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික දීපාල් රොෂාන් කුමාර විතා­නා­රච්චි මහ­තාගේ ඝාත­නය සිදු කළේ කුමන අර­මු­ණ­කි­න්දැයි පැහැ­දි­ලි­වම මෙතෙක් හෙළි වී නැත. එහෙත් වෙඩි­ක්ක­රුට මෙම ඝාත­නය සඳහා රුපි­යල් ලක්ෂ 11ක මුද­ලක් ලැබී ඇති බව විම­ර්ශ­න­යේදී හෙළි වී තිබෙන බව පොලි­සිය කියයි. එම මුදල වෙඩි­ක්ක­රුගේ බිරි­යගේ ගිණු­මට බැර වී ඇති බව ද කියයි. එම මුදල් බැර වී ඇත්තේ මුලින් රුපි­යල් ලක්ෂ 08ක් වශ­යෙන් සහ පසුව රුපි­යල් 5,000, 10,000, 15,000, 20,000 වශ­යෙන් බව පොලි­සිය කියයි. පෙබ­ර­වාරි මාසයේ සිට එම මුදල් බැර වී තිබෙන බවත් විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.


දැඩි ආන්දෝ­ල­න­ය­කට තුඩු­දුන් ඝාත­න­යක් වන ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික දීපාල් රොෂාන් කුමාර විතා­නා­රච්චි මහ­තාගේ ඝාත­නය සිදු­වූයේ පසු­ගිය පෙබ­ර­වාරි 26 වැනිදා උදෑ­සන කාල­යේ­දීය. යතු­රු­පැ­දි­ය­කින් පැමිණ මෙම ඝාත­නය සිදු­කර තිබුණේ සිය දරුවා පාස­ලට රැගෙන යෑමට ඔහු සූදා­න­මින් සිටි­ය­දීය.

මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව තමාට පව­ර­මින් සමන් කොල්ලා පව­සනු ලැබුවේ විශ්‍රා­මික පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට වැඩක් දෙන්නට ඇතැයි කියා බවද ප්‍රශ්න කිරීම් හමුවේ වෙඩි­ක්කරු පවසා ඇත.

මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ නිවස ආස­න්න­යේම නිව­සක දකුණේ පොලිස් ස්ථාන­යක සේවයේ නිරත උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් පදිං­චිව සිටින බැවින් ඝාතන කොන්ත්‍රා­ත්ක­රුගේ ඉල­ක්කය එම නිල­ධා­රියා වී දැයි සැක­යක්ද මෙහිදී පැන නැඟී ඇත. උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සුවේ එම නිල­ධා­රියා පොලිස් සේවයේ තව­දු­ර­ටත් සිටින නිසාත් ඔහු උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් නිසාත් ඝාතන ඉල­ක්කය ඔහු නොවන බවය. වෙඩි­ක්කරු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් යැයි කියා තමාට ලබා­දුන් ඡායා­රූ­පයේ සිටියේ තමා වෙඩි තැබූ පුද්ග­ලයා බවය. ඒ අනුව වෙඩි­ක්ක­රුට ඉල­ක්කය වැරදී නොමැති බව පැහැ­දිලි බව උසස් පොලිස් නිල­ධා­රියා කීය.


ප්‍රශ්න කිරී­මේදී මෙම සැක­කරු හෙළි කර ඇත්තේ තමා වෙඩි තැබුවේ විශ්‍රා­මික පොලිස් නිල­ධා­රි­ය­කුට නොව, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට බව දැන­ගන්නේ රූප­වා­හි­නියේ සහ පත්ත­ර­වල ප්‍රවෘ­ත්ති­ව­ලින් බවය.

කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් 2019 වස­රේදී පොලි­සි­යට හසුවී ගාල්ල බන්ධ­නා­ගා­රයේ සිටි­යදී දැන හඳු­නා­ගත් අයෙක් මඟින් මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව තමාට ලැබුණු බවද ඔහු පවසා ඇත. ඊට අවශ්‍ය ගිනි­අ­විය මෙන්ම පහ­සු­කම්ද තමාට ඩුබායි සිටින අයගේ මෙහෙයැ වීම මත ලැබුණු බවද ඔහු අනා­ව­ර­ණය කර ඇත. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­යාගේ ඝාත­නය සිදු කළේ දින 15ක් ඌර­ග­ස්මං­හ­න්දියේ ගල්පො­ත්තා­වෙල නිවෙ­සක රැදී සිට බවය. අවශ්‍ය හැම පහ­සු­ක­මක්ම ඩුබායි සිට තමාට ඇම­තුම් දුන් පුද්ග­ලයා ලබා­දුන් බවද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත. එම නිවසේ ජීවත්ව සිට ඇත්තේ අඹු­සැමි යුව­ළක් සහ එම යුව­ළගේ තරු­ණ­යෙක් වූ පුතු බවත් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ ඝාත­න­යෙන් දින කිහි­ප­ය­කට පසු එම තරු­ණයා ඩුබායි බලා පලා­ගොස් ඇතැයි ද අනා­ව­ර­ණය වී තිබේ. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රුගේ තොර­තුරු මත අඹු­සැමි යුව­ළද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔවුන් කර­න්දෙ­ණිය සුද්දාගේ සහ සමන් කොල්ලාගේ සමී­ප­ත­ම­යන් බව පෙනී ගොස් තිබේ.

පෙබ­ර­වාරි 26 වැනිදා උදෑ­ස­නම තමාට අඹු­සැමි යුව­ළගේ පුතා යතු­රු­පැ­දි­යක් ගෙන­විත් දුන් බවත් තමා එහි නැඟී මඳ දුරක් ගමන් කරන විට අත­ර­ම­ඟදී පුද්ග­ල­යෙක් හමුවූ බවත් එතැන් සිට යතු­රු­පැ­දිය පද­වනු ලැබුවේ එම පුද්ග­ලයා බවත් සැක­කරු ප්‍රශ්න කිරී­මේදී පවසා ඇත. එම පුද්ග­ලයා කවු­රු­න්දැයි තමා නොදන්නා බව ඔහු පවසා තිබේ. සියලු සම්බ­න්ධී­ක­රණ කට­යුතු ඩුබායි සිට දුර­ක­තන ඇම­තු­මක් දෙමින් පවසා තිබේ. යතු­රු­පැ­දි­කරු ඉල­ක්ක­යට යන මාර්ගය නිශ්චිත ලෙස නොදැන සිටි බවත් ඩුබායි සිට ගමන් කළ යුතු මාර්ගය දැක්වෙන වීඩි­යෝ­වක් තමාට වට්ස්ඇප් කර එවූ බවත් ඒ ඔස්සේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ නිව­සට ගොස් ඝාත­නය සිදු­කළ බවත් අත්අ­ඩං­ගුවේ පසු­වන අය පව­සන බව පොලි­සිය කියයි. මාර්ගය දැක්වෙන වීඩි­යෝ­වට අම­ත­රව ඝාත­නය කළ යුතු අයගේ ඡායා­රූ­ප­යක්ද තමාට යොමු කළ බවත් තමා ඒ ඡායා­රූ­පයේ සිටි පුද්ග­ල­යා­ටම වෙඩි තැබූ බවත් ඔහු පවසා ඇත.

ඩුබායි සිට මෙම පුද්ග­ල­යාට වට්ස්ඇප් පණි­වුඩ ලබා දෙමින් ඔහුව මෙහෙ­ය­වී­මට යොදා­ගත් දුර­ක­ත­නය ද පොලි­සිය සොයා­ගෙන තිබේ. මකා දමා ඇති එහි දත්ත මතු­කර ගැනී­මට එම දුර­ක­ත­නය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ භාර දී තිබේ.


මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාට වෙඩි තැබී­මෙන් අන­තු­රුව අත­ර­ම­ඟින් යතු­රු­පැ­දි­යෙන් බැස ත්‍රිරෝද රථ­ය­කට ගොඩවී ප්‍රධාන මාර්ග­යට ගොස් මාතර බලා යන බස් රථ­ය­කින් මාත­රට ගිය බවද ඔහු පවසා ඇත. අන­තු­රුව වැල්ල­වා­යට ගොස් එහි හේනක ඇති වාඩි­යක සැඟවී සිට නැවත පැමිණ ඇත්තේ පැපි­ලි­යානේ නිවස කුලි­යට ගැනීම සඳ­හාය. එතෙක් ඔහුගේ බිරිඳ හා දරු­වන් පදිං­චිව සිට ඇත්තේ කහ­තු­ඩුවේ බවද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ. ඌර­ග­ස්මං­හ­න්දි­යට ගොස් කළ විම­ර්ශ­න­යේදී සැක­ක­රු­ගෙන් ලද තොර­තුරු මත කුඩා වන ළැහැ­බක සඟවා තිබී ඉතා­ලියේ නිෂ්පා­දිත මිලි­මී­ටර් 08 වර්ගයේ ගිනි­අ­වි­යක් ද අත්බෝ­ම්බ­යක් ද සොයා­ගත් බව ද පොලි­සිය කියයි.

මෙම සැක­කරු සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් පරී­ක්ෂණ පැවැ­ත්විය යුතු බවත් ඩුබායි සිට ඔහුව මෙහෙ­යවූ අය ගැන මෙන්ම මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා ඝාත­නය කිරීමේ සැබෑ හේතුව පවා හෙළි කර ගැනී­මට ඇති බවත් වෙඩි තැබුවේ සැබෑ ලෙසම මෙම පුද්ග­ල­යා­ගෙන් සොයා­ගත් ගිනි­අ­වි­යෙ­න්ම­දැයි සැක හැර දැන­ගැ­නී­මට රස පරී­ක්ෂක වාර්තා කැඳ­විය යුතු බවත්පොලිසිය පවසයි.