
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර ඊයේ (06) රාත්‍රියේ පැවති අවස්ථාවේ අලි කුලප්පුවක් නිසා උණුසුම් තත්වයක් පැනනැගුණි.
පෙරහැරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීම හේතුවෙන් පිරිස නොසන්සුකාරී ලෙස ඒ මේ අත දිවයාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට රෝහල්ගත කර තිබේ.
තුවාලකරුවන් කතරගම රෝහලට කඩිනමින් ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් නොමැති බව රෝහල් ආරංචි සැල කළේය. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval