kelaniya-mother-son-deaths

 අම්මට පිළි­කා­වක් හැදිලා කියලා දැන­ගත්ත දවසෙ ඉඳලා පුතා හිටියේ මාන­සි­කව ඇද වැටිලා. පුතා අන්ත­ර්ජා­ල­යෙන් අම්මගේ ලෙඩේ සුව කරන්න පුළු­වන් විදි සොයා බැලුවා. අම්මායි පුතයි හිටියේ එක අත්තක මල් වගේ. පුතාට කර­ද­ර­යක් නම් අම්මට දරා ගන්න බැහැ. අම්මට කර­ද­ර­යක් නම් පුතාට දරා ගන්න බැහැ. විදේ­ශ­ග­තව සිටින පුතා දින­පතා ගෙද­රට කතා කර­නවා. දවස් තුන­කින් කතා නොකළ නිසා එහේ සිටින ඥාතීන්ට කිව්වා පුතා ගැන සොයා බලන්න කියලා.

ඥාතීන් කතා කරලා කිව්වා පුතා හෘද­යා­බා­ධ­යක් හැදිලා ගෙයි ඇතුළේ මිය ගිහින් සිටියා කියලා. මම බිරි­යට රහ­සින් අව­සන් කට­යුතු එහෙ කරන්න පිය­වර ගනිද්දි බිරි­ඳත් මිය ගියා. පුතයි අම්මායි අතරේ තිබ්බේ සංසා­ර­ගත බැඳී­මක්. මේ දෙන්නාම එක­ටම මිය ගියේ ඒ බැඳීම නිසා යැයි දෙර­ට­කදී එකට අව­සන් ගමන් ගිය සිය බිරිය හා පුතා ගැන අද­හස් දක්ව­මින් සුනිල් ලක්ෂ්මන් මහතා පැව­සීය.

කැල­ණිය, පෙති­යා­ගොඩ, මෑවැල්ල පාරේ අංක 349 නි‍ෙවසේ පදිං­චිව සිටි ග්‍රේස් වෛජ­යන්ති කෙලී මහ­ත්මිය සහ ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් නුවර පදිං­චිව සිටි හර්ෂණ ශ්‍රී මධු­ශංක පුතු දෙර­ටේම නෑහිත මිතු­රන් හඬ­ව­මින් ඊයේ (15) අව­සන් ගමන් ගියේ මේ දෙපො­ළගේ සංසා­ර­ගත බැඳීම මනාව පැහැ­දිලි කර­මිනි.

කැල­ණියේ එම නිවෙ­සට යන විට ඊයේ (15) මවගේ දේහය අව­සන් ගෞර­වය සඳහා එහි තැන්පත් කර තැබිණි.

එමෙන්ම ඇයගේ පුතා වූ හර්ෂණ ශ්‍රී මධු­ශං­කගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් හි සිදු වන අයුරු zoom තාක්ෂ­ණය ඔස්සේ දැක ගැනී­මට පවුලේ ඥාතීන්ට අව­ස්ථාව ලැබී තිබිණි. සිය සොහො­යු­රාගේ මර­ණය ගැන සොහො­යු­රිය ද දැඩි කම්ප­න­යට පත්ව සිටි­යාය.

වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් සුනිල් ලක්ෂ්මන් මහතා මෙසේද කීය.

මේ අම්මයි පුතයි එක ඉත්තක පිපුණු මල් දෙකක් වගෙයි. මගේ නෝනාගේ සහෝ­ද­රි­යන් ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් නුවර ජීව­ත්වෙන්නේ. ඔවුන් එහේ ස්ථීර පදිං­චි­ක­රු­වන්. අපේ පවුලේ දුවයි පුතයි දෙන්නා විත­රයි. ඒ දෙන්නා යාළු­වන් වගෙයි අයි­යට නංගිත් නංගිට අයි­යත් නැතුව බැහැ. අද මමයි දුවයි දෙන්නම තනි වුණා. දුව විවා­හ­කයි දරු­වෙක් ඉන්නවා. අපි මුළු පවු­ලම අගෝස්තු මාසේ ඔස්ට්‍රේ­ලි­යාවේ යන්න සියල්ල සූදා­නම් කර­ගෙ­නයි හිටියේ.

මගේ පුතා ඔස්ට්‍රේ­ලි­යාවේ රැකි­යා­වට ගිහින් දැන් අවු­රුදු පහක් විතර වෙනවා. එයා ව්‍යාපා­රික කට­යුතු වගේම අත තබන ඕනෑම කාර්ය­යක් හරිම උන­න්දු­වෙන් විශ්වා­ස­යෙන් කරන දරු­වෙක්. පුතාගෙ ලොකුම හීනය වෙලා තිබුණේ අපිව ඔස්ට්‍රේ­ලි­යාවේ ස්ථීර පදිං­චි­යට ගෙන්වා ගන්න. අපිට සුව­ප­හ­සු­වෙන් ජීව­ත්වෙන්න ඕනේ කියලා එයා ඔස්ට්‍රේ­ලි­යා­වෙන් ගෙයක් සල්ලි­ව­ලට ගත්තා. අපි හැමෝ­ගෙම බලා­පො­රො­ත්තු­ව­ලට තිත තියලා ඒ දෙන්නා එකට අව­සන් ගමන ගියා.



මේ අවා­ස­නා­වන්ත මරණෙ වෙන­කොට පුතා තනි­යම ඒ ගෙදර පදිංචි වෙලා හිටියේ අපි අගෝ­ස්තු­වල එන­කන්. මගේ නෝනා අස­නීප ගති­යක් පෙන්නුව නිසා අපි එයාව විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙ­කුට පෙන්වලා පරී­ක්ෂණ කළා. එතෙන්දි දැන­ගත්තේ එයාට කැන්සර් එකක් කියලා. නොකියා බැරි නිසා පුතාට කිව්වා. පුතා මේ ගැන මාන­සි­කව ගොඩාක් වේද­නා­වෙන් හිටියේ. එයා තනි­යම ඉන්න කොට නිත­රම අම්මට කෝල් කරලා දුක සැප ඇහුවා.

මගේ නෝනා වේදනා විඳින්න හරිම බයයි. එයාට කිමෝ­තෙ­රපි ප්‍රති­කා­රය කරන්න කියලා ඩොක්ට කිව්වා. මහ­ර­ගම පිළිකා රෝහලේ නව­ත්තලා ඒ ප්‍ර‍තිකා­රය එක් වතා­වක් කළා. ඒ වේද­නාව නැවත විඳින්න නෝනා බයයි. බැහැම කිව්වා. මාව ගෙදර එක්ක යන්න මට තවත් වේදනා විඳින්න බෑ කිව්වා.

පුතා කතා කරලා කිව්වා අම්මෙ ඔයා මෙහේ එන්න ඕනනේ ඉක්මන්ට සනීප වෙන්න එක වතා­වක් හරි ඒ දේ කරන්න කිව්ව­මයි එක වතා­වක් හරි කිමෝ තෙරපි එක කළේ.

පුතා මට ගිය මාසේ 15 කතා කරපු වෙලේ කිව්වා තාත්තේ මෙහේ හරිම සීත­ලයි. මං අද ටීෂර්ට් පහක් ඇඳන් ඉන්නෙ කියලා. අපි ගිය වසරේ සමර් එකට ඔස්ට්‍රේ­ලි­යාවේ ගිහින් ඉඳලා ආවේ. මගේ නෝනා කැම­තියි එහේ ඉන්න. එයාගේ බලා­පො­රො­ත්තුව තිබු­ණෙත් පුතා එක්ක අපි එහේ ඉදිමු කියලා. පහු­ගිය දව­සක පුතා මට කිව්වා තාත්තේ මට අපේ ආය­ත­නයේ කළ­ම­නා­කරු වශ­යෙන් උසස් වීමක් ලැබුණා කියලා. ඒක අහපු නෝනත් ගොඩාක් සතුටු වුණා.

මොනවා ලැබු­ණත් පුතාට එක මොහො­තක නිද­හ­සක් ලැබුණු ගමන් එයා අන්ත­ර්ජා­ලය පීරලා අම්මගෙ ලෙඩේ සනීප කර ගන්න ලෝකේ හොඳම වෛද්‍ය­ව­රුන් ගැන හොයපු එක.

මිය­ගිය ග්‍රේස් වෛජ­යන්ති කෙලී මහ­ත්මි­යගේ අව­සන් කට­යුතු කැල­ණිය පිල­පි­ටිය රෝමානු කතෝ­ලික සුසාන භූමි­යේදී 15 සවස සිදු කිරී­මට නිය­මි­තව තිබිණි.
(දිනමිණ)