
හංගේරියානු රජයේ සහාය මත ඉදිකළ කොහුවල ගුවන්පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත විය.
මෙම ගුවන් පාලම ඉදිකරමින් අතරමග නතරවෙමින් වසර ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපෘතිය දිග් ගැසුනේ ආර්ථික අර්බුදය සමග හංගේරියාව ණය ලබාදීමට නොහැකි බව පැවසීම සමගිනි.
මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර කර තිබු නමුත් ඒ සඳහා වෙනත් අරමුදල් යොදවා හෝ ඉක්මනින් මැතිවරණයට පෙර අවසන් කරන ලෙස ජනපති ලබාදුන් නියෝගය ප්‍රකාරව එය පසුගිය දිනවල වේගයෙන් නිම කෙරිණි.
ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 35 කි.
අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා ඇතුළු පිරිසක් පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වු අතර දැන් මහජනතාව සඳහා විවෘත බවද වාර්තාවේ. මෙම ගුවන් පාලම නිසා මාර්ග අංක 120 පිටකොටුව -පිළියන්දල අතර ගමනාගමනය ඉදිරියේදී පහසුවනු ඇතැයි වාර්තාවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval