kolonna-incident

කොලොන්න පොලිස් වසමට අයත් උල්ලිඳුවාව අප්ටන් නැමැති පෞද්ගලික වත්තේ හිමිකරු පෙරේදා 09 වැනිදා රාත්‍රි ඔහුට අයත් වතු නිවෙස තුළ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොළොන්න පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, සිද්ධිය වී ඇත්තේ පෙරේදා 9 වැනිදා රාත්‍රි 7.30ත් 8.00ත් අතර දී බව පොලිසිය කියයි.ඝාතනයට ලක්ව ඇත්තේ හිරිඹුරගේ කුමාරසේන නමැති හැටඑක් හැවිරිදි එක්දරු පියෙකි.තේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන ඔහු ප්‍රදේශයේ මුඩු අයිතිකරුවන්ට තේ වගාකර දීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන බව පොලිසිය කියයි.




මුඩු ඉඩම් අක්කරයක තේ වගාකර අවුරුදු දෙකක කාලයක් නඩත්තු කර අයිතිකරුට නැවත ලබාදෙන බවත්, ඒ සඳහා රුපියල් ලක්‍ෂ දහයක මුදලක් අයිතිකරුගෙන් ලබාගන්නා බවටත් තොරතුරු ඇති බව විමර්ශනවලින් අනාවරණය වී යැයි ද  පොලිසිය කියයි.මේ ආකාරයට ප්‍රදේශයේ මුඩු ඉඩම් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් මියගිය තැනැත්තා කොන්ත්‍රාත් ක්‍රමයට වගාකර ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.මියගිය තැනැත්තා සිය බිරිය සමග නිවෙසේ නිවෙසේ සිටිය සිටිය දී පෙරේදා 9 වැනිදා රාත්‍රී 7.30ට පමණ යතුරු පැදියකින් දෙදෙනකු පැමිණ ඇති අතර මියගිය තැනැත්තා නිවෙසේ උඩුමහලේ සිට ඔවුන්ගේ පැමිණීම නිරික්‍ෂණය කර ඇති බවත් තේ ඉඩමක් වගා කරවා ගැනීම සම්බන්ධයෙන් කතා කරගැනීමට පැමිණි බව යතුරු පැදිකරුවන් උඩුමහලේ සිටි මියගිය තැනැත්තාට දැන්වූ බවටත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.



මියගිය තැනැත්තා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා හමුවීමට පහත මාලයට පැමිණි අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඔහු එම ස්ථානයෙදීම මිය ගොස් ඇති බව ද පොලිසිය කියයි. දෙනියාය, රත්නපුර ප්‍රධාන මාර්ගයේ උඉඳුවාව ප්‍රදේශයේ සිට කිලෝමීටර් බාගයක් පමණ දුරින් අපරාධය සිදුවූ නිවෙස පිහිටා ඇති අතර වෙඩික්කරුවන් ඔවුන් පැමිණි යතුරුපැදියේම පලාගොස් ඇතැයි ද වෙඩි වැදුණ ද හිස් පතොරොමක් හෝ එහි තිබි මෙතෙක් හමු නොවුණු බව පොලිසිය කීවේය.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය