kyle-abeysinghe-paris-olympic

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පැරිස් ඔලිම්පික් පිහිනුම් ඉසව්වක් සඳහා සහභාගීවූ කයිල් අබේසිංහ මූලික වටයේ තරගයෙන් අවස‍ාන ස්ථානය දිනාගෙන තරගාවලියෙන් ඉවත්වූයේය.
අඟහරුවාදා සවස 3 ට පමණ පැවති පිහිනුම් පිරිමි මීටර සියය නිදහස් ආර තරගයේ 4 වන කණ්ඩ‍ායම සමග ඔහු තරග වැදුණ අතර ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් ඔහු 8 වැනියා විය.

සයිප්‍රස්, ශාන්ත ලුසියා හා එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් එම කාණ්ඩයේ ජයග්‍රහණ අත්කරගන්නා ලදි.
කයිල් අබේසිංහ යනු ජාත්‍යන්තර තරඟ කිහිපයකදී තම රට නියෝජනය කර ඇති  පිහිනුම් ක්‍රීඩකයෙකි. ඇමරිකාවේ උපන්නෙකි.
දේශීය වශයෙන්, අබේසිංහ ජාතික වාර්තා රැසකට හිමිකම් කියයි, කිහිප වතාවක්ම ජාතික ශූරයෙකු වී ඇත. ඔහුගේ පියා වන මනෝජ් අබේසිංහ  Killer Whale Aquatic Club හි පුහුණුකරුවෙකු ලෙසද ඔහු කටයුතු කරයි.