laggala-incident

පුද්ග­ල­ය­කුගේ දණ ඉසෙන් පහළ කොටස නොමැති එල්ලී මැරුණ බවට සැක කළ හැකි පුද්ගල මළ සිරු­රක් ලග්ගල මාඔය මැණික් ඉඩ­මක් තුළ තිබී ඊයේ (24) හමුවූ බව ලග්ගල පොලි­සිය පව­සයි.



රත්න­පුර ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපා­රි­ක­ය­කුට අයත් ලග්ගල මාඔය ජන­සවි ගම ප්‍රදේ­ශයේ මැණික් ඉඩ­මක කෙළ­ව­රෙහි ගිනි­සී­රියා ගසක නරක් වූ පුද්ගල මළ සිරු­රක කොට­සක් ඇති බවට ලග්ගල පොලි­සි­යට ලැබුණු තොර­තු­ර­කට අනුව පොලිස් නිල­ධා­රීන් විසින් එම ස්ථාන­යට ගොස් පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර තිබේ.



අදාළ මැණික් ඉඩ­මෙහි මැණික් කැණීම් කට­යුතු සිදු­කර ඇති අතර එම කට­යුතු මීට මාස කිහි­ප­ය­කට පෙර සිට නවතා දමා ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වන අතර මෙම මළ සිරුර වයස අවු­රුදු 40ත් - 50ත් අතර පිරිමි පුද්ග­ල­යෙ­කුගේ බවට සැක කෙරෙන අතර එම සිදු­වීම මීට මාස තුන හත­ර­කට පමණ පෙර සිදු­ව­න්නට ඇති බවට පොලි­සිය විසින් සැක කරනු ලබයි.

කඹ­යක ආධා­ර­යෙන් ගසක අඩි දහ­යක පමණ උසින් පිහිටි තිරස් අතට වූ අත්තක එල්ලී පැවති එම මළ සිරු­රෙහි දණ ඉසෙන් පහළ කොටස් සතුන් විසින් ආහා­ර­යට ගෙන ඇති බව­ටද සැක කළ හැකි අතර මර­ණ­යට පත් වූ පුද්ග­ලයා පිළි­බඳ නිශ්චිත තොර­තු­රක් මේ වන විටත් සොයා ගැනී­මට නොහැකි වූ අතර

අදාළ සිද්ධි­යට සම්බන්ධ පුද්ග­ලයා විසින්ම සිය ගෙල වැල­ලා­ගෙන මර­ණ­යට පත්වූ­යේද, නැත­හොත් වෙනත් ස්ථාන­යක සිදුවූ සිදු­වී­ම­කින් අන­තු­රුව මෙම ස්ථාන­යට රැගෙන විත් මෙම සිදු­වීම සිදු­කර ඇත්තේ ද යන්න පිළි­බඳ පොලි­සිය විසින් විම­ර්ශන කට­යුතු ආරම්භ කර තිබේ.

අදාළ සිද්ධිය පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු ලග්ගල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ධම්මික පද්ම­රාජ මහතා ඇතුළු කණ්ඩා­යම විසින් සිදු කරනු ලබයි.