lal-kantha-kandy-incident

 ජනති විමුක්ති පෙරමුණේ දේශපාලනඥ කේ.ඩී. ලාල් කාන්ත මහ­නු­වර පැවති රැස්වී­මකදී තමන්ට බැණ තර්ජ­නය කළ බව කිය­මින් මහ­නු­වර මහ නගර සභාවේ වැට­ලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේ­වත්ත නමැති අය මහ­නු­වර පොලිස් මූල­ස්ථා­න­යට කළ පැමි­ණිල්ල සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.


සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහ­නු­වර නාග­රික කොම­සා­රි­ස්ව­රි­ය­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට කට­යුතු කරන බව මහ­නු­වර පොලි­සිය පව­සයි. ජාතික ජන­බ­ල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­වර මධ්‍යම වෙළෙඳ පොළ ඉදි­රි­පිට දී පසු­ගිය 16 වැනි දින පැවැති ප්‍රචා­රක රැලියේ දී මෙම තර්ජ­නය සිදු කළ බව කිය­මින් වස්ගේ­වත්ත නමැති අය එහි හඬ පට­යක් ද පොලි­සි­යට ඉදි­රි­පත් කළේය.


මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු ජාතික ජන­බ­ල­වේ­ගය ඇති කරන පුන­රු­දයේ යුගය පැමිණි පසු මෙවැනි අයව පුන­රු­ත්ථා­ප­නය කළ යුතු බව කිය­මින් ලාල්කාන්ත නමැති අය තමන්ගේ නම දහස් සංඛ්‍යාත ජන­තාව ඉදි­රියේ ප්‍රකාශ කිරීම තුළින් තමන් ගේ ජීවි­ත­යට තර්ජ­න­යක් ඇති­විය හැකි බව ද වස්ගේ­වත්ත නමැති අය පොලි­සි­යට පවසා තිබේ.


මෙම සිදු­වී­මට අදා­ළව නගර සභාවේ තවත් සේව­ක­යන් පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ ලබා ගැනී­මට නිය­මිත බවත් ඉන් අන­තු­රුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියා­මාර්ග ගන්නා බවත් පොලි­සිය පව­සයි.
(අසේල කුරු­ළු­වංශ)